Windows 8 Consumer Preview Reviews : ජනේල 8 හි හොඳ නරක
4:24 AM
Posted by Sanoj Tharanga
සුබ දවසක් ඔයාට ! දැන් මම කියන්න හදන්නේ මේ අලුතෙන්ම Microsoft සමාගමෙන් Realese කරපු Windows 8 Consumer Preview හෙවත් Windows 8 Beta Version එකේ හොඳ නරක. නමුත් තවම මේක අපිට පාවිච්චි කරන්න හොඳ, කිසිම අවුලක් නැහැ කියල කියන්න බැහැ.මොකද තවමත් මේක Beta Version එකක් නිසා. ඔබගේ ප්‍රධාන මෙහෙයුම් පද්දතිය ලෙස නම් යොදා ගන්න ඉස්සෙලා දෙපාරක් හිතල බලන්න වෙනවා.
මොකද තවම සමහර Softwares මේකේ වැඩ කරන්නේ නැහැ.නමුත් Windows 8 එක අවාට පස්සේ නම් ඔය එක අවුලක්වත් එන්නේ නැහැ.නමුත් අසාවට දැනට දාල බලන්න ඕන අයට එක බාගෙන බලන්න ඉස්සෙලා කරන පොඩි විස්තරක් තමා මේක.ගොඩක් වෙලාවට Beta එකෙන් පස්සේ එන Windows 8 Final Version එකෙත් එන්නේ මේ Themes එකමයි. තව ඔය Softwares වැඩ කරන්නේ නැතුව යනවා ඒවා නම් හදල තමා එන්නේ. එක අවහම මේක දාගෙන ඉන්න අයට එක අයින් කරගන්න වෙනවා. Windows 8 Beta එක. මීට ඉස්සෙලා මේකේ Windows 8 Developer Preview එකක් තමා අවේ. එකට වඩා නම් මේක සැහෙන්න හොඳා.අපි බලමු එකෙන් එක.Photo එක Full ම බලන්න නම් ඕක උඩ Right Click කරලා Open in New tab දෙන්න
මුලින්ම අපි බලමු මේකේ User Interface එකේ වෙනස්කම් මොනාද කියල ?
1. මේක ගොඩක්ම ඉලක්ක කරගෙන හදල තියෙන්නේ Touch Screen වලට. ඒ කියන්නේ සාමාන්‍ය පරිගණක වල වැඩ කරන්න බැහැ කියන එක නෙමේ. ටිකක් අමාරුයි පුරුදු වෙනකම්.
Windows 7 Startmenu Vs. Windows 8 Startmenu
Windows 7 එකේ Taskbar එක මේ තියෙන්නේ.මේකේ අපි ඔය Windows Logo එක උඩ ක්ලික් කලාම Startmenu එක වෙනදා වගේම එනවා අනිත් පරණ Windows OS වගේ.
නමුත් Windows 8 එකේ තියෙන්නේ මෙහෙම
මේකේ Start කියල එකක් වෙනම Button එකක් එන්නේ නැහැ. ඒ වෙනුවට අපිට ඔය අයිනේ ක්ලික් කරන්න තියෙන්නේ. එහෙම ක්ලික් කලාම මෙහෙම එකක් එන්නේ.
මේකේ සම්පුර්ණ Photo එක බලන්න Photo එක උඩ Right Click > Open in New Tab
දැන් Windows 8 එකේ වෙනම Startmenu එකක් එන්නේ නැහැ. එන්නේ මේවගේ එකක්. අපි පරිගණකයට ඉන්ස්ටෝල් කරන සොෆ්ට් සේරම මෙතනට එනවා. අපිට දැන් Microsoft Word එක ඕපන් කරගන්න ඕන නම් Word කියල නිකන් ගහන්න තියෙන්නේ. තැනක් ඕන නැහැ.
එක තමා දැනට Startmenu එකේ තියෙන ප්‍රධානම වෙනස
Windows 7 Systemtray Vs. Windows 8
මේ තියෙන්නේ දැනට ඔයාල දාගෙන ඉන්න Windows 7 එකේ System Tray එක
ඔය මේකේ Windows 8 Consumer Preview Evaluation Copy කියල තියෙන්නේ දැනට. එත් Final එකේ එහෙම එකක් නැහැ හොඳේ.
පෙන්න තරම් ලොකු වෙනසක් නම් නැහැ නේද ? System Tray වල.
Windows 7 File/Folder Copying Vs. Windows 8
මේ තියෙන්නේ Windows 7 වල අපි මොකක් හරි කොපි කරන කොට පෙන විදිය
මේ තියෙන්නේ Windows 8 එකේ විදිය. මේකේ Windows 8 වලට අමතරව Coping වෙන අතරේ Pause එහෙම කරන්න පුළුවන්. තව කොපි වෙන වේගය Graph එකකින් පෙන්නනවා.අනික File Copy වෙන එක නම් Windows 7 එකට වඩා වේගවත්.
Windows 7 Window Vs. Windows 8
මේකේ සම්පුර්ණ Photo එක බලන්න Photo එක උඩ Right Click > Open in New Tab
මේ තියෙන්නේ Windows 7 වල My Computer Window එක.අනිත් Window ඒවත් මේවගේම තමා.අනික Windows 7 එකේ ඔහොම HDD වලට Icon එන්නේ නැහැ හොඳේ. ඒවා මම වෙනම Apply කරගත්තු ඒවා
මේ තියෙන්නේ Windows 8 එකේ Window එකක්.ඔයාලට මතකද දාන්නේ නැහැ Microsoft Office 2010 වගේ මේකේ Ribbon එකක් එනවා. ඔය උඩ නිල් පාටට File කියල තියෙන්නේ.එක උඩ ක්ලික් කලාම මේක දැකගන්න පුළුවන්.
මේවා තමා ඉතින් සාමාන්‍ය User කෙනෙකුට දකින්න පුළුවන් වෙනසකට කියල. තව එකක් මේකේ වේගය නම් Windows 7 එක්ක බලනකොට සැහෙන්න හොඳයි. ඒ කිව්වේ වැඩි.නමුත් එහෙම කියල ඔයාගේ ප්‍රධාන මෙහෙයුම් පද්දතිය ට මේක දැන් භාවිතා කරන එක නම් එච්චරම හොඳ නැහැ.
අපි දැන් බලමු දැනට මේකේ Windows 7 එකේ නැති මේකේ පමණක් තියෙන Features ටිකක්.
මේකේ සම්පුර්ණ Photo එක බලන්න Photo එක උඩ Right Click > Open in New Tab
ඔයා දැන් Windows 8 එක දාගෙන ඉන්න කෙනෙක් නම් Winkey + C එක ගහල මේක ගන්න පුළුවන්.අපිට මේකේ ඔය උඩ Search කියන එකේ Search කියන Option එක එන්නේ. මේක නම් Windows 7 එකට වඩා සැහෙන්න වේගවත්.අනික හරිම සරල කරලා තමා හදල තියෙන්නේ. දැන් Search Option එක උඩ ක්ලික් කලාම මෙන්න මේවගේ එකක් එන්නේ. අපිට මෙතන Application එකේ නම ගහල App එක ගන්න පුළුවන්.
මේකේ සම්පුර්ණ Photo එක බලන්න Photo එක උඩ Right Click > Open in New Tab
මේ තියෙන්නේ ඔන්න ඔහොම එකක් එනවා. දැන් අපිට Microsoft Office Word එක ගන්න ඕන නම් ඔය විදියට Search කරන්න තියෙන්නේ. කරලා Enter ගහන්න. Search වෙන්න නම් වෙලාවක් යන්නේ නැති තරම්
Internet Explorer 10 On Windows 8
මේකේ සම්පුර්ණ Photo එක බලන්න Photo එක උඩ Right Click > Open in New Tab
මේ තියෙන්නේ Windows 8 එක්ක එන Default Browser එක වෙන IE 10 එක.මේකේ වෙනසක් තියෙන්නවා.මේකේ Apps විදියට Tile එකක් විදියට වඩා කරන කොට තමා මෙහෙම එන්නේ. එහෙම නැතුව Desktop Mode එකේ නම් සාමාන්‍ය විදියටම තමා එන්නේ.අනික අනිත් Browser වලට වඩා වේගයක් මට එකේ දැනෙනවා. එහෙම වුන කියල ඔයාලට කැමති Broswer එකක් පාවිච්චි කරන්න පුළුවන් කිසිම අවුලක් නැතුව.
Windows Aero Vs Windows 8
මේ තියෙන්නේ Windows 7 එකේ Aero Mode එක. මේකෙන් වෙන්නේ අපිට අපේ Minimize කරලා තියෙන Applications Winkey + Tab එක ඔබල ගන්න පුළුවන්. Tab එක ඔබන්න ඔබන්න Apps එනවා. එත් මේක Windows 8 එකේ නැහැ. එකේ එන්නේ මෙහෙම එකක්.
Windows 7 Task Manager Vs. Windows 8 Task Manager
මේකෙත් දැනට Windows 7 එකට වඩා පොඩි පොඩි වෙනස් කම් ටිකක් කරලා තියෙන්නවා.වෙන එකක් නෙමේ Interface වෙනස් කම් තමා
දැන් ඔය More Details කියන තැන ක්ලික් කලාම වැඩි දුර බලාගන්න පුළුවන් මේ වගේ
මේ තියෙන ටික තමා එකේ තියෙන්නේ.
දැනට මේකේ වැඩ නොකරන සොෆ්ට්වෙර් මොනවද ?
මම ඉස්සෙලා කිව්වා වගේම මේක තවම Beta Version එකක්. ඒ නිසා මේකේ තවම සමහර සොෆ්ට්වෙර් වැඩ කරන්නේ නැහැ. එහෙම වැඩ නැත්තම් මේක බාගෙන අපරාදෙනේ නේද ? අපි මේ වැඩ කරන්නේ නැහැ කියල කියන්නේ ඉන්ස්ටෝල් කරන්න හදල හොඳේ. නැතුව නිකන් නෙමේ.
Windows 8 Consumer Preview හි ඉන්ස්ටෝල් කල නොහැකි Softwares
හොඳට වැඩ කරන Software මොනාද ?
මේ දාල තියෙන්නේ පොඩ්ඩක් පමණයි. ඔයලට අවශ්‍ය නම් ඔයාල පාවිච්චි කරන සොෆ්ට් එක වැඩ කරනවද කියල දැනගන්න ! අපිට කියන්න. එතකොට අපි දාල බලල කියන්නම්.
Install කරගන්න පෙර කෙටියෙන් ?
1. මොකක්ද මේ Consumer Preview කියන්නේ ? මේක 8 නෙමේද ?
නැහැ මේක 8 තමා. එත් මේක ටෙස්ට් කරන්න පාවිච්චි කරන එකක්. මේක දැනට ඉන්න ඕනෑම කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන් නොමිලේ.නමුත් ඔයාලගේ දැනට පාවිච්චි කරන එක අයින් කරලා මේක දාගන්න කියල නම් කියන්නේ නැහැ. නමුත් මේක දැනට දාගෙන ඉඳල මේකට හුරු වුනහම Windows 8 Recommended Version එක හෙවත් Final එක අවහම ලේසි.අයේ හුරු වෙන්න දෙයක් නැහැ. එත් මේක ඔයාලගේ පරිගණකයට දාගන්න ඉස්සෙලා ඔයාට අවශ්‍ය වන ෆයිල් සේරම Backup කරගන්න.
2. මේක හැම කෙනාම දැම්මට අවුලක් නැද්ද ?
අවුලක් නැහැ. එත් මේක හදපු Micorosoft සමාගමෙන් නම් කියන්නේ අත්දැකීම් තියෙන කට්ටිය පමණක් දාගන්න කියල. එත් ඔයාගේ පරිගණකයේ මුකුත් ඔයාලට අවශ්‍ය වන කිසිම දෙයක් නැත්තම් හෝ අවශ්‍ය වන සේරම Backup කරගෙන නම් තියෙන්නේ කිසිම අවුලක් නැහැ දාන්න.
3.මේක ඉන්ස්ටෝල් කරන එකේ අවධානමක් තියේද ?
ඔව් අනිවාර්යෙන්ම ! මොකද මේක තවමත් ටෙස්ට් කරන එකක්. අපිට පාවිච්චි කරන්න සුදුසුයි කියල සමාගමෙන් නිර්දේශ කරලා නැහැ තවම මේක නිර්මාණය කරලා ඉවර කරපු Product එකක් නෙමේ.
මොකද මේකේ සමහර සොෆ්ට්වෙර් එහෙම වැඩ කරන්නේ නැහැ. තව සමහර විට ඔයාලගේ පරිගණකයේ Drivers එහෙම ගන්නේ නැතුව ගියොත් Windows 7 Drivers හරියන්නේ නැත්තම් කරන්න දෙයක් නැහැ.
ඒ විතරක් නෙමේ ඔයාලගේ Files / Folders එහෙම විනාශ වෙන්නත් පුළුවන්.
4. මට මේක දැම්මොත් එන ප්‍රශ්න කියන්න තැනක් තියෙන්නවද ?
ඔව් තියෙන්නවා. මොකද මේක අපිට ටෙස්ට් කරන අතරතුර Realese කරන්නේ අපිට හැගෙන දැනෙන වැරදි අපෙන් අහගන්න. අහගෙන ඒ වැරදි අයින් කරලා හොඳ Product එකක් එලි දක්වන්න. ඔයාට ඒ එන ප්‍රශ්න කියන පුළුවන්. ඒ එන ප්‍රශ්න වලට පිළිතුරු මේකෙන් අහගන්න පුළුවන්. මෙන්න මේකට ගියොත්.
5. මේක ඉන්ස්ටෝල් කරලා බලන්න නම් මගේ කොම් එක මොන වගේ වෙන්න ඕනද ?
ඔය දැනට පාවිච්චි කරන්නේ Windows Vista හෝ Windows 7 නම් කිසිම කරදරයක් නැතුව මේක ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්.නමුත් XP නම් ඔයාට මේ අවශ්‍යතා පරිගණකයේ සපුරලා තියෙන්න ඕන !
- Processor : 1 gigahertz (GHz) or faster
- RAM : 1 gigabyte (GB) (32-bit) or 2 GB (64-bit)
- Hard disk space : 16 GB (32-bit) or 20 GB (64-bit)
- Graphics card : Microsoft DirectX 9 graphics device or higher6. දැන් මම මේක Download කරගන්නේ කොහෙන්ද ?මේක ඔයාලට නොමිලේම Microsoft Site එකෙන් නොමිලේම බාගන්න පුළුවන්. ඒ Torrent සහ Direct Download විදියට. මේක ලොකු ෆයිල් එකක් වුනාට ඔයාට Resume Supports ලැබෙනවා. අපි පාවිච්චි කරන්නේ English Language එක නිසා එකට අදාල Windows 8 C.P Version බාගන්න පුළුවන්.Torrent වලින් බාගන්න ඕන අයට
Download Windows 8 Consumer Preview 32 Bit Edition [ 2.5 GB ]මේක ඉන්ස්ටෝල් කරන කොට product Key එකක් අහනවා එකට මේක දෙන්නProduct Key: DNJXJ-7XBW8-2378T-X22TX-BKG7Jඔය නෙට් එකේ තියෙන වෙන ජරාවල් එහෙම නම් දෙන්න යන්න එපා.7. මට Windows 8 එකයි 7 එකයි දෙකම දාගෙන ඉන්න පුලුවන්ද එකපාරම ?ඔව් කිසිම අවුලක් නැතුව පුළුවන්.ඔය මුලින්ම Windows 7 එක ඉන්ස්ටෝල් කරලා තියේ නම් ඒ Partition එකට නැතුව වෙන Partition එකකට Windows 8 දාගන්නඑහෙම කලාම Windows 8 එක දාල Startup එකේදී අහනවා මොකක්ද ඕන Default OS එක කියල. අන්න එකෙන් Windows 8 තෝරලා වැඩ කරන්න පුළුවන් එකෙන්. දැන් අයේ Windows 7 එක බුට් වෙන්නේ නැහැ එතකොට.එහෙම කරගන්න ඕන නම් අර Windows 8 බුට් වෙනකොට මාලුවෙක් වැටිලා යටින් ලෝඩ් වෙන්නේ. අන්න එතකොට දිගටම Keyboard එකෙන් මොකක් හරි key එකක් Press කර කර ඉන්න.ඊට පස්සේ එනවාChosse an Operating SystemWindows 8 ConsumerPreviewWindows 7කියල එකකුයි.මේකෙන් ඔයාට අවශ්‍ය එක දෙන්න පුළුවන්. එක්කෝ යට Change defaults or choose other Options කියන එක උඩ ක්ලික් කරලා Timer එකක් දාගන්න පුළුවන්. එහෙම තමා ඕක Dual Boot වෙන්නේ.මොකක් හරි අවුලක් අවොත් මේකේ අනිවා අහන්න. හෙල්ප් එකක් දෙන්න පුළුවන්.Searched Tags :Windows 8 Reviews in SinhalaWindows 8 බාගන්නWindows 8 හොඳද ? නරකද ?Windows 8 ගැන / එකWindows 8
ඔබට Web Broswer වල මදි කමක් ද ? එහෙම නම් මෙන්න අලුත්ම ගිනි නරියාගේ ගින්න හිදවන්න අලුතෙන්ම Water FOX 10.0.02 ! හෙවත් 64 Bit Firefox
7:07 AM
Posted by Sanoj Tharanga
ඔයාල දැනටත් පාවිච්චි කරලා ඇතිනේ. මේ Mozilla Firefox වෙබ් Broswer එක. ගොඩක් අය කැමති මේකට.ඕකට ගහන්න කියලනේ Chrome එක අවේ. එකෙන්ම කොපි කරගෙන නේ Comodo Dragon හැදුවේ.දැන් Firefox එකෙන් කොපි කරගෙන තමා Water FOX හදල තියෙන්නේ. මේක ඉතින් පෙනුම අතින් Firefox එකම තමා.එත් පොඩ්ඩක් වෙනස්. Browsing එහෙම බලන්න බැරි වුන. කියන්න තරම් වරදක් නම් නැහැ. ඉතින් කස්ටියට බාගන්න පුළුවන් මේ ලින්ක් එකෙන් මේක.වැඩි විස්තර සහ Plug Ins මේකෙන් බාගන්න පුළුවන්.මෙන්න මේකේ Screenshot එකක්.මේකත් Firefox වල එක්තරා Varient එකක්.
කැමති අය ටෙස්ට් කරලා බලන්න. මේක වැඩ ද කියල මම බැලුවේ Windows 7 64 Bit එකේ. 32 එකේ නම් වැඩ නැද්ද කොහෙද…….කෝකටත් බලන්නකො………
Waterfox 10.01 - Firefox 64 Bit Edition
Waterfox browser based on Firefox browser and is designed for 64-bit operating system. Waterfox addition to high security, all Firefox functionality of Windows 32-bit in their place, and also has a higher rate of pages which can also speed up Bsyaar does this for you. Also, you'll be able to install all plugins for Firefox also provides on Water FOX.
Waterfox 10.01 - Firefox 64 Bit Edition
Waterfox browser based on Firefox browser and is designed for 64-bit operating system. Waterfox addition to high security, all Firefox functionality of Windows 32-bit in their place, and also has a higher rate of pages which can also speed up Bsyaar does this for you. Also, you'll be able to install all plugins for Firefox also provides on Water FOX.
Features software Waterfox :
- browser 64-bit systems
- more efficient and faster than Firefox
- specific design
- high security
- Firefox optimized
Download and More Information
Searched Tags :
Waterfox Download
Water Fox 64 Bit
Web Broswers
Firefox for 64 Bit
Fantastic Fire Screensaver ! ගින්දර වගේ !
9:51 PM
Posted by Sanoj Tharanga
දැන් මේ කියන්න ලස්සන Screensaver එකක් ගැන. මේ තියෙන්නේ යට Screenshot එකක් මේකේ. ඕක හැම වෙලාවේම තියෙන්නේ නැහැ. විනාඩියෙන් විනාඩියට වගේ වෙනස් වෙනවා. තව යටින් Music එකක් වගේ එකක් යනවා.
ඔය තියෙන්නේ. මුලින්ම එන්නේ ඔය වගේ තමා ඕක. එහෙම නම් අවශ්‍ය අය බාගන්නමේක 15MB වගේ තියෙන්නේ. බාගෙන ඉන්ස්ටෝල් කරගන්න තියෙන්නේ. වෙන කිසිම දෙයක් කරන්න නැහැ.
File කැලි කැලි වලට කඩන්න නොමිලේ දෙන ! HJ - Split !
2:21 AM
Posted by Sanoj Tharanga
සුබ දවසක් ! කස්ටියටම ! අදත් මම කියල දෙන්න හදන්නේ ඔයාලට ගොඩක්ම වැදගත් වෙන නොමිලේම දෙන පොඩි එත් ගොඩක් වැදගත් වෙන සොෆ්ට් එකක් ගැන ! වැදගත් වෙනව කිව්වේ මේකයි. දැන් ඔයාල දැකල ඇතිනේ ඔය ගොඩක් ෆිල්ම් එහෙම බාගන්න කොට ඒවා කොටස් 3 ට / 4 ට වගේ ගණන් වලට කඩල තියෙන්නවා. ඒ විතරක් නෙමේ අපේ සයිට් එකෙත් එහෙම 200 MB Parts වලට කඩල තියෙන්නේ. අන්න එහෙම කඩන්න පුළුවන් සොෆ්ට් එකක් ගැන තමා මේ කියන්න හදන්නේ !මේකෙන් එහෙම ෆයිල් එක කඩපුවහම කිසිම හානියක් වෙන්නේ නැහැ ෆයිල් එකට.දැන් බලමු මේකෙන් ෆයිල් Split කරගන්නේ කොහොමද කියල ? ඒ වගේම එහෙම Split කරගත්තු ඒවා අයේ එකට එකතු කරගන්නේ කොහොමද කියලත් !
කරගන්න ඉස්සෙලා ඔයාලට මුලින්ම සොෆ්ට් එක බාගන්න වෙනවා. එහෙම නම් මෙන්න මේකෙන් බාගන්න Windows දාගෙන ඉන්න අය මේක 200KB වගේ තියෙන්නේ.
Linux / Ubuntu දාගෙන ඉන්න අය මේ ලින්ක් එකෙන් බාගන්න
දැන් ගොඩක් අය Windows පාවිච්චි කරන අය එකෙන් කරගන්න විදිය කියන්නනම්. Linux වලිනුත් මේ විදියමයි.
1.දැන් බාගත්තු ෆයිල් එක 7z එකෙන් හෝ Zipping Soft එකකකින් Extract කරගන්න ඕන !
2. දැන් ඒ Extract වුන ෆෝල්ඩර් එකේ hjsplit කියල එකක් ඇති. අන්න එක Double Click කරලා ඕපන් කරගන්න.
මේක තමා උඩ කිව්ව සොෆ්ට් එක. අපිට මේකෙන් පුළුවන් ප්‍රධාන වශයෙන්ම ෆයිල් Split කරගන්න සහ ඒ Split කරපු ඒවා නැවත Join කරගන්න.
මුලින්ම බලමු කොහොමද Split කරගන්නේ කියල ?
මේකට ඔයාගේ ෆයිල් එක ZIP එකක් වෙන තරමට හොඳා.ZIP File එකක් නෙමේ නම් ඔයාට එක ZIP කරගන්න පුළුවන් මේ ලින්ක් එකෙන් 7z එක බාගෙන.ඊට පස්සේ අපි දැන් බලමු මේක පියවරෙන් පියවර කරගන්නේ කොහොමද කියල ?
දැන් ඔයාලට පේනවා ඇති මේ ෆයිල් එක 1.40 GB. මම දැන් මේක 200MB කොටස් වලට කඩා ගන්න හදන්නේ. එත් ඔයාලට ඕන ගානකට වෙන් කරගන්න පුළුවන්.ඒ කිව්වේ 10MB /20 MB /30MB 500MB වගේ ඕනෑම විදියකට.දැන් ඔන්න මම මේක 200 MB Parts වලට වෙන කරගන්න හදන්නේ. එක නිසා මුලින්ම සොෆ්ට් එක ඕපන් කරගන්න.
ඔන්න හරි. දැන් අපි හදන්නේ ෆයිල් එකක් කඩාගන්න නිසා [ Split ] කරගන්න නිසා අපි මේකේ Split කියන එක උඩ ක්ලික් කරගන්න ඕන. ඊට පස්සේ මෙන්න මෙහෙම එකක් එනවා.
දැන් අපිට කඩාගන්න ඕන ෆයිල් එක මේ Input File කියන තැන ක්ලික් කරලා Broswe කරගන්න ඕන. එහෙම නම් මම ඔන්න එක කරගන්නවා.
අදාල ෆයිල් එක තෝරලා Open දෙන්න තියෙන්නේ. එහෙම දෙන්න එන්නේ නැති නම් මේක ZIP එකක් කරගෙන ඉන්න වෙනවා.එකට නම් ඔයාට 7z / WinRAR / WinZIP වගේ සොෆ්ට් එකක් පාවිච්චි කරගන්න වෙනවා.එහෙම කරගන්න හැටි මේ පොස්ට් එකේ 7z එක භාවිතා කරගෙන කියල දීලා තියෙන්නවා.දැන් ඔය උඩ මම Select කරගෙන තියෙන්නේ ZIP File එකක්. ඒ නිසා කිසිම ගැටලුවකින් තොරව පාවිච්චි කරන්න පුළුවන් මේ වැඩේට.දැන් එහෙම නම් අදාල ZIP File එක තෝරාගෙන [ Select ] කරගෙන Open දෙන්න.
දැන් ඔයාලට පේනවා ඇති මේකේ Input File එකට අපි තෝරලා දුන්න ෆයිල් එක අරගෙන තියෙන්නවා. ඒ වගේම Output එකටත් අපි දුන්න ෆයිල් එකේ නමයි,ඒ ඉස්තනයයි අරගෙන තියෙන්නවා. ඒ කියන්නේ ඔය ෆයිල් එක කැඩිලා Save වෙන්නේ ඔතෙන්ටම තමා. වෙන කොහාටවත් නෙමේ. අපි Split කරගන්න යොදාගන්න ෆයිල් එක තියෙන තැනමයි.
දැන් අපි බලමු ඇයි මේ Output එකේ අන්තිමට .001 කියල තියෙන්නේ කියල.දැන් මම කිව්වනේ අපිට මේ 1.40GB File එක කඩාගන්න පුළුවන් කියල. ඕනෑම Size එකක එකක් පුළුවන්. මම කිව්වේ මේ පොස්ට් එකේ හැටියට.එතකොට මේ ෆයිල් එක අපි 200MB Parts වලට Split කලොත් අපිට පාර්ට් එනවා 7 ක්. නේද ? 200MB x 7 = 1400MB [ 1.40 GB ]. මෙහෙම කලා කියල ෆයිල් එකේ Size එක අඩු වෙන්නේ නැහැ. අපි Size අඩු කරලා හදාගෙන දුන්නොත් මේකෙන් කැලි කඩා ගන්න පුළුවන්. දැන් අර පාර්ට් 7 එන්නේ මෙහෙමයි.
Original File Name = Sinhawalokanaya.zip
Split File Names = Sinhawalokanaya.zip.001,Sinhawalokanaya.zip.002…….Sinhawalokanaya.zip.007
මෙන්න මෙහෙම තමා එන්නේ. එක නිසා තමා මේ අන්තිමට .001 එක තියෙන්නේ පලවෙනි එක.
File එක Split කරගන්න ඕන Size එක තෝරාගන්න හැටි ?
ඔය දැන් යට තියෙන්නවා නේද [ උඩ Picture එකේ ] Split File Size කියල. එකෙන් අපිට පුළුවන් මොන මොන Size එකේ කැලි විදියටද කඩාගන්න ඕන කියන එක. KBytes නම් ඔහොමම දීල KB කියකටද කියල ඉස්සර තියෙන කොටුවේ ටයිප් කරගන්න ඕන. දැන් අපි 200 MB වගේ කඩාගන්න නිසා KBytes වෙනුවට මම MBytes කියන එක තෝරාගන්නවා.තෝරාගෙන File Size එකට 200 දාගන්නවා.ඔයාලට කැමති ගානක් දාගන්න පුළුවන්, මේ ගානම වෙන්න ඕන කියල එකක් නැහැ.
දැන් සේරම හරිනේ. දැන් ඉතින් මේක පටන් ගන්න ඔය Start කියන එක උඩ ක්ලික් කරන්න.ඊට පස්සේ මෙන්න මෙහෙම Split වෙනවා.
දැන් ඔන්න වෙනවා. මේකේ මම සියට එකෙන් එක පික් දාන්නේ නැහැ හොඳේ. එහෙම දන්නා ගියොත් පිස්සු හැදිලා අයේ හැදෙනවනේ.ඔයාලට පේනවා ඇති එතනම අර උඩ මම කිව්වා විදියට පාර්ට් 1,2 හැදෙනවා කියල.
ඊට පස්සේ ටික වෙලාවකින් මෙහෙම එකක් එනවා වැඩේ වුනා කියල. ඒ වගේම එතනම ඔයාලට බලාගන්න පුළුවන් එක වෙන වෙනම කොටස් වලට වෙන් වෙලා තියෙන්නවා.
දැන් ඔයාලට පේනවා ඇති එතනම පාර්ට් 7 කට මේක වෙන් වෙලා තියෙන්නවා.නමුත් අපිට මේ විදියට තියාගෙන මේ ෆයිල් Access කරගන්න බැහැ. මෙහෙම හිතමු. ෆිල්ම් එකක් නම් මෙහෙම කලාට පස්සේ අයේ නිකන්ම ඕපන් කරලා ෆිල්ම් එක බලාගන්න බැහැ.එකට මේ ටික අයේ තිබ්බ විදියටම හදාගන්න වෙනවා. කඩපු කොටස් ටික එකතු කරගන්න වෙනවා.
කඩපු / Split කරපු ඒවා එකතු කරගන්නේ කොහොමද ?
දැන් අපි කරන්න හදන්නේ මේ කඩපු ෆයිල් ටික අයේ එකතු කරගන්නේ කොහොමද කියල බලන්න. දැනට අගට 001,002 කියන ඒවා තමා මේ විදියට අයේ එකතු කරගන්න පුළුවන් වෙන්නේ. අපිට ඕන නම් සොෆ්ට් එකෙන්ම එකතු කරගන්නත් පුළුවන්.එක්කෝ ඔය 7z / WinRAR / WinZIP වගේ එකකිනුත් පුළුවන්.අපි මුලින්ම බලමු මේ සොෆ්ට් එකෙන් එකතු කරගන්නේ කොහොමද කියල ? දැන් අයේ සොෆ්ට් එක ඕපන් කරගන්න.
දැන් මේකෙන් අපි හදන්නේ කඩපු ෆයිල් එකතු කරගන්න නිසා Join කියන එක උඩ ක්ලික් කරන්න දෙවැනි Button එක.
ඊට පස්සේ මෙන්න මෙහෙම එකක් එනවා.
දැන් මේකෙන් ඔය Input File කියන එක උඩ ක්ලික් කරලා අර කඩාගත්තු ෆයිල් එකේ පලවෙනි එක තෝරාගන්න ඕන. ඒ කිව්වේ අගට .001 කියන එක. ගොඩක් වෙලාවට එක පමණයි පෙන්නන්නේ. අනිත් ඒවා පෙන්නනේ නැහැ.
පේනවා නේද ? අර කැඩුන ෆයිල් සේරම මෙතන තිබ්බට සොෆ්ට් එකෙන් Broswe කලාම පෙන්නන්නේ එකයි. මොකක්ද අර ඉස්සෙලා කිව්වා අගට .001 කියන එක.Files Of Type කියන එකෙත් පෙන්නන්නේ 001 Split Files කියල පමණයි. දැන් පලවෙනි එක තෝරාගෙන Open දෙන්න.
දැන් ඔයාලට පේනවා ඇති මේකේ තියෙන්නේ Split එකේ අනිත් පැත්ත කියල.Output එකට අන්තිමට ZIP එක හැදෙනවා කියල.එහෙම නම් Join වෙන්න දැන් Start කියන තැන ක්ලික් කරන්න.ඊට පස්සේ ඔන්න එකතු වෙනවා.
දැන් එතනම අර Original File එක හැදෙනවා කියල පේනවා ඇති.ඊට පස්සේ ටික වෙලාවකින් මෙහෙම එකක් එනවා වැඩේ හරි කියල.
දැන් එතනම අර Original එක තියෙන්නවා. පේනවා ඇතිනේ. හරි.ඔන්න ඔහොමයි ඒ වැඩ දෙක කරගන්නේ.අනිත් ඔය Compare සහ Checksum කියන ඒවා අපි භාවිතා කරගන්නේ ZIP File Compare කරගන්න. ඒ කියන්නේ සංසන්දනය කරගන්න සහ අනිත් එක ඔය ZIP Checking වලට එහෙම.මෙහෙම තමා ඔයාල ඔය බාගන්න ෆයිල් එහෙම එකට එකතු කරගන්නේ.අහ අමතක වුනානේ. අර අනිත් විදියත් තියෙන්නවා නේ. මොකක්ද අර Win RAR /WinZIP /7z වලින් එකතු කරගන්න එක.
බලමු එහෙම නම් 7z එකෙන්
දැන් ඔයාලට අර ඉස්සෙලා ෆයිල් කඩපු එකේ පලවෙනි එක තියෙන්නේ. අගට .001 කියන එක. අන්න එක උඩ Right Click කරලා Extract දෙන්න.
ඊට පස්සේ සොෆ්ට් එකෙන් Automatically ම අනිත් පාර්ට් ටිකත් අරගෙන මේක තනි එකක් විදියට හදාගන්නවා.ඔය WinRAR / WinZIP කියන ඒවයෙත් මේ විදියටම තමා.
ඔන්න දැන් හරි. අවුලක් අවොත් කොම්මෙන්ට් එකක් දල අහන්න හොඳේ.මම හිතනවා මේක ප්‍රයෝජනවත් වෙන්න ඇති කියල.












