Blogger Dashboard හා Settings ගැන සවිස්තරව
12:36 AM
Posted by Sanoj Tharanga
දැන් එහෙම නම් අපි Blogger Dashboard එක සහ Blogger Control Panel එක ගැන සවිස්තරාත්මකව කතා කරමු.දන්න අය නම් අහයි ඒ මොකද කියල. එක ගැන ටිකක් දැන ගත්තහම ලේසි.
මේක තමා ඔය අපි Blogger Dashboard එක කියල කියන්නේ.මෙන්න මේ ලින්ක් එකෙන් ඔයාලට මේකට යන්න පුළුවන්. Blogger Dashboard
දැන් මේකේ තියෙන ඒවා ගැන අපි හොයල බලමු
බ්ලොග් එකක් ලියන කෙනෙකුට එයාට අදාල Profile එකක් තියෙන්නවා. අන්න එක ගැන ඔය මේකේ තියෙන View Profile, Edit Profile, Edit Photo, Edit Notification කියන එකෙන් බලාගන්න සහ තමන්ට ඕන විදියට වෙනස් කරගන්න පුළුවන්.තව ඔයාලට පේනවා ඇති අර Manage Blogs ඉස්සරහින් Create Blog කියල තව ලින්ක් එකක් තියෙනව. එන්න එකෙන් අපිට පුළුවන් මේ Email එකටම තවත් බ්ලොග් එකක් පටන් ගන්න.එහෙම කලොත් Mange Blogs ( 1 Total ) එක ඔය පටන් ගත්ත අලුත් බ්ලොග් ගාන අනුව වෙනස් වෙනවා.අනිත් ඔය Setting ගැන වෙනම දැනගන්න පුළුවන් අපි Blogger Control Panel එක ගැන කතා කරනකොට. එහෙම නම් අපි එක ගැන කතා කරන්න පටන් ගමු.
Blogger Control Panel එකට ඔය Dashboard එකේ තියෙන Settings එක උඩ ක්ලික් කරලා යන්න පුළුවන්.ඔයාගේ බ්ලොග් එකට අදාල Settings සියල්ලම මේකෙන් වෙනස් කරගන්න පුළුවන් ලේසියෙන්ම.
Blogger Control Panel එකට ඔය Dashboard එකේ තියෙන Settings එක උඩ ක්ලික් කරලා යන්න පුළුවන්.ඔයාගේ බ්ලොග් එකට අදාල Settings සියල්ලම මේකෙන් වෙනස් කරගන්න පුළුවන් ලේසියෙන්ම.
මේකේ එක එක Tab වලින් එකට අදාල Settings වෙනස් කරගන්න පුළුවන්. අපි බලමු එකෙන් එක.
දැන් මේකේ තියෙන ඒවා එකෙන් එක මම කියන්නම්.පොස්ටින්ග් ක්ලික් කරපු ගමන යන්නේ අලුත් පොස්ට් එකක් දාන තැනට. ඒ කිව්වේ ඔය උඩ පෙන්නේ.අන්න එතෙන්ට.
New Post එකෙන් අපිට පුළුවන් අලුතින් පොස්ට් එකක් පටන් ගන්න.
Edit Posts කියන එකෙන් අපිට පුළුවන් අපි පරණ හදපු පොස්ට් නැවත Edit කරන්න හෙවත් වෙනස් කරන්න, Delete කරන්න,බ්ලොග් පොස්ට් වලට Tags දාන්න, වෙනස් කරන්න,Labels දාන්න. එහෙම පුළුවන්.
මොකක්ද මේ Labels, Tags කියන්නේ ? සරලවම කිව්වොත් යම්කිසි මාතෘකාවකට අදාල ලිපි එක Label එකක් යටතේ වර්ග කිරීම. එතකොට අපිට හොයාගන්න ලේසි වගේම කියවන්නාට ලේසි වෙනවා.එක පොස්ට් එකකට Labels ගොඩක් තියෙන්න පුළුවන්.
Edit Pages කියන එකෙන් අපිට Pages හදාගන්න පුළුවන් වගේම ඒවා Edit කරන්න, ඉවත් කරන්න,වගේ ගොඩක් ඒවා පුළුවන්. මේ Pages කියන්නේ අර About Me, Contact Forms වගේ හදාගන්න ඒවා.පොස්ට් එකක් ලියන විදියටම තමා ඒවා ලියන්නෙත්.
බ්ලොග් පොස්ට් එකක් ලියන විදිය ගැන වැඩි දුර විස්තර මේකේ ඉස්සරහට කතා කරනවා.
දැන් Comments ටැබ් එක
ඔයාල දන්නවා ඇතිනේ බ්ලොග් එකක් ලියන කාටත් වැදගත්ම එක තමා Comments. ඒවා පාලනය කරන්න තමා මේ ටැබ් එකෙන් කරන්නේ. ඔයාට කැමති නම් Comments අයින් කරන්න SPAM ලෙස Select කරන්න වගේ දේවල් මේකෙන් පුළුවන්.මේ උඩම තියෙන්නේ මුලින්ම බ්ලොග් එකක් පටන් ගත්ත Comments නැති එකක පික් එකක්. දෙවනියට තියෙන්නේ Comments තියෙන එකක්.
වැදගත්ම ටැබ් එක Settings
මේක තමා වැදගත්ම ටැබ් එක. මොකද මේකෙන් තමා අපිට අපේ බ්ලොග් එකේ සේරම Settings වෙනස් කරගන්න පුළුවන්.Settings යටතේ Basic | Publishing | Formatting | Comments | Archiving | Site Feed | Email & Mobile | Open ID | Permissions වගේ හැම එකකම Setting හදාගන්න පුළුවන්.
අපි මුලින්ම මේකේ Settings යටතේ තියෙන Basic එක ගැන දැන ගනිමු.
Import Blog මගින් අපට වෙන තැනක ඇති හෝ අප Backup කරගත් වෙනත් බ්ලොග් අඩවියක බ්ලොග් පොස්ට් සහ Comments ගත හැකි ය .
Import Blog Click කිරීමෙන් අදාල XML File එක තෝරා CAPTCHA Puzzle එක නිවැරදිව සඳහන් කිරීමෙන් එය කරගත හැකිය.
Export Blog මගින් අපගේ බ්ලොග් අඩවියේ Backup කොපියක් ගත හැකිය. මෙය ඔබගේ කොම්පුටෙර් ට Download වන්නේ XML ගොනුවක් ලෙසය.Export Blog ක්ලික් කර පසුව Download Blog දෙන්න.
Delete Blog එකෙන් ඔබගේ බ්ලොග් අඩවිය ඉවත් කල හැකිය. Delete Blog ක්ලික් කර Delete the Blog දුන් විට ඔබගේ බ්ලොග් අඩවිය ඉවත් වනු ඇත.
Title එක මගින් ඔබගේ බ්ලොග් අඩවියේ Title එක වෙනස් කරගැනීමට පුළුවන. Title යනු Web Browser එකේ පෙනෙන එකයි. උදාහරණයක් වශයෙන් නම් මෙම බ්ලොග් එකේ ! ~ { [ සනෝජ් තරංග බ්ලොග් ] } ~ ! එකයි.
Description එක මගින් ඔබගේ බ්ලොග් අඩවිය පිළිබඳව විස්තරයක් ඇතුලත් කල හැකිය. මෙය බ්ලොග් Title එකට ඔබගේ බ්ලොග් අඩවියේ දර්ශනය වනු ඇත.
තවත් සැකසුම් Basic යටතේ පවතින අතර වැදගත්ම ඒවා පමණක් සඳහන් කර ඇත. අනෙකුත් සැකසුම් ඔබට කියවල වුවද තේරුම් ගත හැක.සැකසුම් සියල්ල සිදුකර Save කල යුතු කර අතර යටම ඇති Save Settings මගින් එය කර ගත හැකිය.
Settings යටතේ Publishing
මෙයින් ඔබට පවතින ඔබගේ බ්ලොග් එකේ Address එක හෙවත් බ්ලොග් ලිපිනය වෙනස් කර ගත හැක.එපමණක් නොව අගට ඔබගේ වෙනම වූ Domain එකක් බ්ලොග් අඩවියට එක් කරගැනීමටද පුළුවන්.එනම් SMSanojTharanga.Blogspot.com එක වෙනුවට www.SMSanojTharanga.com / lk වැනි ඔබ මිලදී ගත් Domain එකටද මෙය Configure කරගනීමට මෙම ටැබ් එක භාවිතා කල හැකිය.
Settings යටතේ Formatting
ප්‍රධාන පිටුවට බ්ලොග් පොස්ට් කියක් තිබිය යුතද ? පොස්ට් එකේ දිනය සඳහන් විය යුතු ආකාරය ? වැනි සැකසුම් මෙම ටැබ් එකෙන් කරගත හැකිය.
Settings යටතේ Comments
ඔබගේ බ්ලොග් එකේ යම්කිසි පොස්ට් එකකට දාන Comments පාලනය කිරීම හෙවත් එහි සැකසුම් සැදීම මෙමගින් කල හැකිය. ඉතාමත් වටිනා ටැබ් එකකි.
Comments පෙන්වීම කල යුතුද ? නැද්ද ?
Comments කල හැකි විදි හෙවත් Anyone Comments / Registered Users / Users with Google Accounts / Only Followers Of This Blog වන අයට බ්ලොග් එකේ Comments කල හැකි ආකාරයට සැකසුම් සැදීම
Comments Placements
Comment එක දාන කොට Message එකක් පෙන්වීම
Comments Moderation දැමීම
SPAM කිරීමෙන් වැලැක්වීම සඳහා Comments සඳහා Word Verification යොදා ගැනීම.
Comments අදාල Email ලිපිනයකට ගෙන්වා ගැනීම
යන සියලුම ආකාරයේ Settings මෙම ටැබ් එක මගින් කල හැකිය.
Settings යටතේ Permissions
මෙය මගින් තවත් ඔබගේ බ්ලොග් එකට තවත් Authors එකතු කරගත හැකිය.තවද බ්ලොග් එක කියවිය හැකි අය පාලනය කල හැකිය.
හැඩ වැඩ දාන ටැබ් එක හෙවත් Design ටැබ් එක
මේ ටැබ් එකේ කොටස් තුනක් තියෙන්නවා. පලවෙනි එක තමා Page Elements කියන එක.ඒ කියන්නේ ඔය බ්ලොග් එකේ පොස්ට් එක තියෙන්න ඕන තැන, අර බ්ලොග් එකට දාන ඔරලෝසු එහෙම දාන තැන්, එහෙම Placement එක ගැන තමා මේකෙන් හදාගන්න පුළුවන් වෙන්නේ.
ඊලගක එක තමා Edit HTML කියන එක. ඔයාලට මතක ඇති අපි මුලින්ම අපි අර ටෙම්ප්ලට් එකක් තෙරුව. එකේ තියෙන HTML කොටස තියෙන්නේ මේකේ තමා. අපි අලුතින් බ්ලොග් ටෙම්ප්ලට් එකක් වෙන තැනකින් අරගෙන බ්ලොග් එකට එක දාගන්නේ මේක භාවිතා කරලා තමා.
Template Designer එක තියෙන්නේ අපි ඔය Blogger එකේ මුලින්ම දෙන ටෙම්ප්ලට් පාවිච්චි කරනකොට එකේ Colours, Fonts, Background Colours එහෙම වෙනස් කරගන්න. වෙනම පිටින් අරගෙන දාන ටෙම්ප්ලට් වලට නම් මෙම ටැබ් එක වැඩ කරන්නේ නැහැ.
Settings එකේ Stats
ඔයාලගේ බ්ලොග් එකට ආව කට්ටිය, වැඩිම බලපු පොස්ට් එක හෝ Page එක මොකක්ද ? පිටු පෙරලුම් හෙවත් Page Views එහෙම බලන්න තමා මේ ටැබ් එක තියෙන්නේ. මේකත් අර වගේ ගොඩක් ඔයාලට ඕනෑම වෙන ටැබ් එකක් තමා. Graphs විදියට ලස්සනට ඔයාලට ඒ තොරතුරු බලාගන්න පුළුවන්.
ඔන්න අපි මේකේ තියෙන ටැබ් ගැන සරලව කතා කෙරුව. මම හිතන විදියට දැන් පොඩ්ඩක් හුරු පුරුදු වගේ දැනෙනවා ඇති දැන්.දැන් ඉතින් අපි එහෙම නම් ඔය Gadgets එහෙම දාල, Template එකක් එහෙම දාල ටිකක් පෙනුමට ගන්න විදිය ඉගෙන ගනිමු.
බ්ලොග් එකට Template දාගන්න විදිය !









November 25, 2011 at 9:19 PM
excellent