දැන් ඔයාලට එක එක ගැන Subject වල එක එක ප්‍රශ්න එනවනේ.....ඉතින් අපේ කට්ටිය ගොඩක් Facebook එකේ ඉන්නවනේ. ඔයා කවුරුහරි ගැහැණු ළමයෙක් එක්ක හෝ පිරිමි ළමයෙක් හෝ ගැහැණු ළමයි වගේ ඉන්න පිරිමි ළමයි එක්ක හෝ පිරිමි ළමයි වගේ ඉන්න ගැහැණු ළමයි එක්ක ඔය කාටවත් වැඩක් නැති හෙවත් දෙලොවටම වැඩක් නැති චැට් එකක් දාගෙන ඉන්නවා කියමුකෝ. දැන් මම කියන්න යන්නේ ඒ කාලය හොඳ දෙකට යොදා ගන්න පුළුවන් නියම ක්‍රමයක් ගැන.එක තමා Facebook Group. ඒ කියන්නේ ගොඩක් කට්ටිය එකම වැඩකට එකතු වෙලා ඉන්න විදියක් තමා මේ. එක එක ඒවා තියෙන්නවා. පරිගණක ගැන අහගන්න.Mobile Phone ගැන දැනගන්න. පිස්සු කෙලින්න.......ඔන්න ඔය වගේ ඕනෑම එකක්.අමතක වුනානේ තව Love හෙවත් පෙම් කෙලින්න වගේ ඕනෑම එකකට. මෙන්න දැනටමත් සාමාජිකයෙක් නෙමේ නම් දැන්ම Add වෙන්න.නිකන් කලේ කන්නේ නැතුව වැදගත් වැඩකට සම්බන්ද වෙන්න





1. Online හෙල්ප්

මේකෙන් ඔයාට පුළුවන් ඕනෑම ප්‍රශ්නෙකට උදවු ගන්න. පරිගණක විතරක්ම නෙමේ. මේකේ දැනට 73,000 අධික සාමාජිකයන් සහ Docs 750 කට අධික ප්‍රමාණයක් ද සතු වෙනවා.තාම එකතු වෙලා නැත්තම් මේකෙන් යන්න.මෙහි නිල බ්ලොග් අඩවිය Online Help Mag

Join with Online Help


2. පරිගණක උදව් 

මේක නිර්මාණය කරලා තියෙන්නේ ඔයාගේ පරිගණක පිලිබඳ ගැටළු විසදීමටයි. මේකෙන් උදව් කරන්නේ පරිගණක හා තාක්ෂණික ගැටළු සඳහා පමණක් සහය දීම.


පරිගණක උදවු යනු ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ ඇති විවෘත සමූහයකි (Open Group)


ආරම්භය : 2011 මාර්තු මස 15 වැනි දින. 

පරිගණක උදවු හි මූලික අරමුණ පරිගණක දෘඪාංග සහ මෘදුකාංග භාවිතයේදී ඇති වන ගැටලු වලට පිළිතුරු ලබාදීම සහ ඒ ආශ්‍රිත දැනුම හුවමාරු කරගැනීමය.

තවද මෙහි 75,000 කට අධික සාමාජිකයන් ප්‍රමාණයක් සහ 600 කට අධික Docs ප්‍රමාණයක් ඇත.


මෙහි නිල බ්ලොග් අඩවිය Pariganaka Udawu Blog



3. අපි බැලු චිත්‍රපට - The Great Movies We Watched

ඔයාල ආස ඇතිනේ ෆිල්ම් බලන්න. ඒ වගේම අලුතෙන් එන ෆිල්ම් ගැන දැනගන්න. ඒ වගේම ඒ ෆිල්ම් එකේ තේමාව හෙවත් ෆිල්ම් එකේ Seen එක ගැන මේ Group එකෙන් දැනගන්න පුළුවන්. ෆිල්ම් බලන කට්ටියට නියම Group එකක්.සාමාජිකයන් 3,500 කට අධික වන අතර Docs ද ඇත. ෆිල්ම් එකක් බාගන්නේ කොහොමද ? ෆිල්ම් එකක් බාන කොට සැලකිලිමත් විය යුතු කරනු ද ඇතුලත්ය.


4. දහම් සබාව


බුදු දහම යනු විශ්ව දහමකි. එය කිසිම ආගමකට හෝ ජාතියකට හෝ පමණක් අයත් නොවන මුළු විශ්වයටම පොදුවූ ධර්මයකි. එන්න ධර්මය දකින්න...දහම් සබවා යනු ධර්මය සාකච්චා කරන තැනක් සහ පොදුවේ සියලුම සංඝ රත්නයට,බුදුදහමට, ගරුකරන තැනකි. එමෙන්ම ධර්මයට කැමැත්තක්,ගෞරවයක් දක්වනවානම් එකතු විය හැක.තවද මෙය බුදු දහම ට පමණක්ම සිමා නොවේ. සාමාජිකයන් 3,500 කට අධික ප්‍රමාණයක සහ Docs 200 කට අධික ප්‍රමාණයක්ද වටිනා පින්තුර 500 කට අධික ප්‍රමාණයක් ඇතුලත්ය.



5. අපි සතු ඉලෙක්ට්‍රොනික් සහ පරිඝණක දැනුම බෙදාගමු

පරිගණක නොව දැනට ඇති සියලුම තාක්ෂණ පහේ පවතින්නේ Electronic තාක්ෂනය මතය. ඉලෙක්ට්‍රොනික් අලුත් වැඩියාවෙදී අප සතු ගැටලු සකච්චා කර විසදා ගැනීමේ හොඳම තැන වශයෙන් සැලකීමට පුළුවන. එපමණක් නොව Reparing ගැනද ඔබට නිවැරදිව අසා දැන ගත හැකිය. Circuits නිර්මාණය පිළිබඳව ඔබට ප්‍රවීනයෙක් වීමට මෙම Group එක භාවිතා කලා හැකිය.1,500 කට අධික සාමාජික ප්‍රමාණයක් සහ වටිනා Photos 100 කට අධික ප්‍රමාණයක් ඇත.


6. ෴වෙන්දේසිය෴

මිලට ගන්න මිලට දෙන්න ඕනිම දෙයක් (ඉඩ-කඩම්/යන-වාහන/විදුලි උපකරණ/ජංගමදුරකථන/සියලුම දේ )සදහා වෙන්දේසිය ඔබට නොමිලේ සේවාව සපයනු ඇත. පත්තර වල දාල සල්ලි වියදම් කරන්නට ඕනි නැ දැන්.. වෙන්දේසිය මගින් ඔබට නොමිලේ දැන්වීමක් පලකල හැක.තව ද සාමාජිකයන් 1,0000 කට අධික ප්‍රමාණයක් ඇති අතර Photos ද 500 කට අධික ප්‍රමාණයක් ඇත.


7. CAMERA DOCTOR

ඔබ Camera එකක් භාවිතා කරනවා නම් එහි යම්කිසි දෝෂ සහ එය සදා ගන්නා ආකාරය ගැන මෙහිදී කතා කල හැක.


8. Photography ඉගෙන ගනිමු

ඡායාරෑපකරනය පිළිබද අපිට ඇති ගැටලු සාකච්ඡා කරමු!! ප්‍රවීනයන්ගෙන් උපදෙස් ගමු!! කැමරාකාරයකු නොවී ඡායාරෑප ශිල්පියකු වෙමු!! උතුම් කලාවක ගෞරවය ආරක්ෂා කරමු!!! ඔබ මේ Field එකට අලුත් අයෙක් නම් බොහෝ දේ මෙම Group එකේ ඉගෙන ගැනීමට පුළුවන.සමාජිකයයන් 1000 කට අධික වන අතර ඔබටත් මෙම Group එකට එකතු විය හැක.


9. Sri Lankan Sexuality - ශ්‍රී ලංකාවේ ලිංගිකත්වය

ලිංගිකත්වය ශ්‍රී ලංකා සමාජයේ අතිශයින්ම නොපැහැදිළි විෂය පථයකි. මෙම පිටුව ශ්‍රී ලංකා සමාජයේ ලිංගිකත්වයේ පූර්ව සහ සමකාලීන නැමියාවන්අධ්‍යයනය කරන, හදාරන සහ සාකච්ඡා කරනු ලබන වේදිකාවකි.



10. Tech කතා


ටෙක් කතා.. ටෙක්නොලොජි ගැන සිංහලෙන්..

ඔබට එදිනෙදා ඇතිවන තාක්ෂණික ගැටලු වලට විසදුම් ලබාදීම සහ නවතම තාක්ෂණික පුවත්, තාක්ෂනයන් සහ නව නිපැයුම් පිලිබද සාකච්චා අරමුණු කොට ආරම්භ කල ඔබේම පොඩ්කාස්ට් වෙබ් අඩවියයි මේ. මේක අපි BlogRadio එකක් ලෙස තමයි කරන්නේ. ඒ කියන්නේ පොඩ්කාස්ටින් (Podcasting) හා සිංහල බ්ලොග් මුසුවක් ලෙස නැවුම් අත්දැකීමක්. මේ කට්ටියගේ Facebook Group එක තාම මේ. ඊට අමතරව Google Group එකකුත් තියෙන්නවා. ඔබට මෙම Group එකෙන්ද තාක්ෂණික ප්‍රශ්න වලට උදවු ගන්න පුළුවන්. මෙහි 3, 500 කට අධික Members ප්‍රමාණයක් සිටි.



11. ප්‍රචාරණ කටයුතු සහ පරිගණක ගැටළු


මේ ග්රූප් එක හරහා ඔයාලට ඔයාලගේ නොයෙක් නොයෙක් දේවල් පිළිබඳ ප්‍රචාරණ කටයුතු ආදිය සිදුකිරීමට හැකිය.‍Facebook වල ඇති ප්‍රසිද්ද ග්රූප් තුලින් අපට ප්‍රචාරණ කටයුතු සිදු කිරීමට ඉඩ ලබා නොදේ.එම නිසා ඔබට මේ ග්රූප් එක බොහෝ ප්‍රෙයාජනවත් වේවි.එසේම මේ තුලින් ඔබට පරිගනකය ආශ්‍රිතව ඇතිවන නොයෙක් ගැටළු පිළිබඳවද විමසීමට ඉඩ අවස්ථාව ඇත




12. Mobile Stuff

ශ්‍රී ලංකාවේ ප්‍රථම මොබයිල් තාක්ෂණික Facebook සාමාජික එකතුව.

- ජංගම දුරකථන මොබයිල් පරිගණක සහ උපාංග
- ගැටලු හා ඒවාට විසදුම් ලබා ගැනීමට
- අලුත්ම තාක්ෂණය හා දැනුම ලබාගැනීමට


තවද Docs 40 කට අධික ප්‍රමාණයක් ද Member ල 10000 කට අධික ප්‍රමාණයක් ද සිටි.



13. බ්ලොග් අවකාශයේ මිතුරෝ..

ජීවිතේ අපිට උදා කර ගත නොහැකි යැයි සිතෙන සිතුවිලි සැබෑ වෙන්නෙ නොසිතූ වෙලාවක... බ්ලොග් ලියන කියවන, සින්ඩි පවත්වාගෙන යන, මූණුපොතේ ජීවත් වෙන, කොටින්ම කියනවනම් අන්තර් ජාලය ජීවිතේ කරගත්ත අපි, මූණට මූණ හම්බෙන්නයි යන්නේ....... ඇත්තටම ලංකාවේ අන්තර්ජාලය තුලින් හඳුනාගෙන මූනු පොතේ, ගූගල් බස් එකේ යහළුවෝ වෙච්ච, එකිනෙකාගෙ බ්ලොග් වල පාඨකයො වෙච්ච, අපේ සුන්දර සයිබර් ජීවිතයට ඊටත් එහා දෙයක් එකතු කරන්නයි අපි මේ වෑයම් කරන්නේ......

තවද ඔබ බ්ලොග් එකක් හෝ සයිට් එකක් කරනවා නම් ඔබට මෙහි ඔබගේ අලුත්ම ලිපිය පිළිබඳව පොස්ට් එකක් දැමිය හැක.


14. පරිඝනක හොර වැඩ

ඔබ දන්නා පොඩි පොඩි වැඩ කැලි ටික කට්‌ටිය අතරේ බෙදා හදා දෙන්න "පරිගණක හොර වැඩ" සෙට්‌ එක ඔනෙ වෙලාවක රේඩී......

ඇත්තටම අපි හොර වැඩ දැනගන්න ඔනේ..කරන්න නෙමෙයි..

කරන කට්‌ටියගෙන් බේරිලා ඉන්න.......

මෙහිද Member ල 10000 කට වැඩි වන අතර 200 කට අධික Docs ප්‍රමාණයක් ඇත.



15. Pissu Kelimu පිස්සු කෙලිමු

ඔයා ගොඩක් කට්ටිය කැමති නේ පිස්සු කෙලින්න. ඒ කියන්නේ ඔයා අතල් එකක් එහෙම අරගන්න. අන්න එකට තමා මේක තියෙන්නේ. විනෝද වෙලා ඉන්න කට්ටියට එහෙම මේක මරු. මේකෙත් පිස්සු කෙලින කට්ටිය 5000 කට වැඩිය ඉන්නවා. තව පිස්සු හැදෙන පින්තුර පින්තුර 300 කට වඩා තියෙන්නවා.



16. Ÿoυ τooќ мÿ нεαяτ αωαÿ

ලොවම ආදරය මත රදා පවතී නම් ඔබගේ ආදරය ලොවටම හඩගා කියන්න ඔබටත් ඉඩක්. ඔබගේ සිතේ තිබෙන ආදරය පිලිබඳ අදහස් කියන්න මෙම Group එක භාවිතා කලා හැක. දැනට 1,00000 වඩා සාමාජිකයන් ගණනක සිටින අතර 6000 කට අධික Photos ගණනක් ඇත.



17.බයිස්කෝප් සිංහලෙන් | Baiscope Sinhalen

හොලිවුඩ් බොලිවුඩ් චිත්‍රපට ගැන සිංහලගෙන් විස්තර දැන්වීමත්, චිත්‍රපට ඔබට බෙදා දීමටත් නිර්මාණය කල බයිස්කෝප් සිංහලගෙන් වෙබ් අඩවියේ මූණු පොත් ගෲප් එකයි මේ ! මෙහි දැනට 4000 කට අධික සාමාජිකයන් ගණනක් ඇත.



18. ෴නිසදැස් කවි (nisades kavi)෴

කවි කම දෛවයක් මිස...
වෘත්තියක් නොවේ.............
====================

ජිවිතය නම් කවියෙන්...
ලිහි ගිය පද පේලි.....
නවමු රිද්මයකින්...
යලිත් ගොනු කරන්නට...
මෙන්න ඉඩකඩ ඇවිත්....

ආත්මය පුරාවට...
විසිරිලා - පැතිරිලා...
ශාන්තව -මිලානව..
පැවතියත් - සැගවිලා....


ඒ සියලු රස රැගෙන
එකතුකර - කලතලා
ලියනු මැන - සෙනෙහසේ
කවිය යලි ගලපලා........

නිදහස්ව... නිවහල්ව....අසිලාචාර නොවන..නිදහස්..අදහස්...හදවතට අමතන සංවේදි බවකින්...සටහන් තබන්නට....ඔබ වෙනුවෙන්ම....ඉදිකල...නුතන....කැටපත් පවුර...

තමන් කරනු නිර්මානයට අදාලව යම් කිසි අන්දමක රැපරචනාකරන ලද ගිතයක සබැදියක් වේනම් මින් ඉදිරියට එයට අදාල ලිංකයන්ද ඒ සමග ඇමිනිමට අවසර දෙන් ලැබේ....

ඔබගේ අදහස් කවියෙන් කියන්න. එන්න මෙතෙන්ට !



20.Satellite TV Technology චන්ද්‍රිකා රූපවාහිනී තාක්ෂණය


මොකක්ද චන්ද්‍රිකා රූපවාහිනී තාක්ශනය කියන්නේ?


මෙම තාක්ශනයෙන් අපට ලබාගන්න පුලුවන් වාසි මොනවාද?


කොහොමද භාවිතය සඳහා සඳහා උපකරණ සකස්කරගන්නෙ?


මෙම පහසුකම මාසිකව මුදල් ගෙවිමක් නැතිව අත් විඳින්නේ කෙසේද?.


චන්ද්‍රිකා රූපවාහිනී උපකරන කට්ටල සවිකිරිම හා සුසුර කිරිම පිලිබදව

පලපුරුද්ද හා දැනුම ඇත්තන් මගින්,

මෙම උපකරණ භාවිතාකර ප්‍රතිලාභ අත්විදිනන් පිලිබද තොරතුරැ රැස්කිරිම හා
එම තොරතුරු ප්‍රසිද්දකිරීම මගින් ඔබට දැණුම ලබාදීම අපගේ අරමුණයි

දැණුම ලබන්න දැණුම බෙදාගන්න එක්වන්න අප සමග




21. www.Gadgets.LK - The Pioneer Gadget Store in Sri Lanka

www.Gadgets.LK - නූතන ගැජට් වංශකතාවේ ශ්‍රී ලාංකේය ක්ෂේමභූමිය!

Mobile Phone, ස්මාර්ට් phone, Tablet PC, ලැප්ටොප් , Computer උපාංග සහ Parts , කැමරා සහ උපාංග, රථවාහන සඳහා අවශ්‍ය ගැජට්ස්, Security ගැජට්ස්, සංගීත භාණ්ඩ සහ ශබ්දවාහිනී උපකරණ, Electronic උපාංග , Gaming ගැජට්ස්, Toys , වෛද්‍ය හා ව්‍යායාම් උපකරණ ඇතුළු නානාවිධ ගැජට්ස්...

ඒ ඒ ගැජට් සඳහා විශේෂ වූ වෘත්තීය අලුත්වැඩියා හා සේවා ස්ථාන......

එකී මෙකී නොකී සියලුම ආකාරයේ ගැජට් ගන්න, විකුණා ගන්න, දැනුම ගන්න ලංකාවේ හැමෝම එන තැන www.Gadgets.LK - නූතන ගැජට් වංශකතාවේ ශ්‍රී ලාංකේය ක්ෂේමභූමිය!




22. පොත් කියවන අය

ලොකේ පුරා විසිරී සිටින පොත කියවන අයට එකතු වෙලා කියවපු කියවන්න හිතාගෙන ඉන්න පොත් ගැන කතා කරන්න.






23. PHOTO-TALK [සේයා-රූ කතා බහ]

ඡායාරූපකරණයෙහි යෙදෙන නවක හා වෘත්තීය මිතුරන්ට සිය ගැටළු සාකච්ඡා කිරීමටත්, දැනුම බෙදා හදා ගැනීමටත් සහ ජායාරූප බෙදා හැරීමට සුදුසු විවෘත වේදිකාවක් නිර්මාණය කර ගැනීම මෙම කණ්ඩායමෙහි අරමුණ වෙයි. 2500 කට වැඩි Member ලා ප්‍රමාණයක් සහ 6000 කට වැඩි Photo ප්‍රමාණයක් ඇත.



24. Hate Fake fb Profiles (බොරු fb ගිණුම් නවතාලමු)

ව්‍යාජ Facebook ගිණුම් අද වන විට සාමාන්‍ය FB බාවිතා කරන්නන්ට මහත් හිරිහැරයක් ව පවතී,එම නිසා මෙම තත්වය යම් තරමකින් හෝ පාලනය කිරීමට දායක විය හැකි නම්...FB බාවිතා කරන සැමට එය යහපතක් වනු ඇත.එම නිසා ඔබට හමුවන අන් අයට පීඩාකාකරී ව්‍යාජ ගිණුම් මෙම ගෲපයට ඇතුලත් කරන්න. 3000 කට අධික සාමාජික ප්‍රමාණයක් සිටි.




25. ලංකාවේ ජනකතා ,ජනශ්‍රැති , ජන ගී, ජන ක්‍රීඩා , ජන කලා, ජන නැටුම්,ජනප්‍රවාද

ඇත්තටම මට උවමනා කළේ මාත් නොදන්න අපේම අපේ කතා දැනගෙන පොඩි එකාලට කියල දෙන්න.

අපේ පරපුරෙන් පස්සෙ මෙව්ව නැති වෙලා යාවි සදහටම. නැතත් පොත පතට විතරක් සීමා

වෙයි. අද කාලෙ පොඩි උන්ට මේව කියල නොදුන්නොත් වැළලිලා යන දැනුම කොච්චරයිද කියල

හිතාගන්නත් බෑ. අපේ පොඩි උන්ගෙ පෞරුෂත්වය ගොඩනගන්න මේ කතා උවමනායි කියල මට

දැනෙන්නෙ



26. Gaming help


පරිගණක ක්‍රීඩකයන්ගේ උන්නතිය උදෙසා...

gaming help හි මූලික අරමුණ පරිගණක ක්‍රීඩා වලදි ඇති වන ගැටලු වලට පිළිතුරු ලබාදීම සහ ඒ ආශ්‍රිත දැනුම හුවමාරු කරගැනීමය

Join with Gaming Help




27. A/L උදව්

෴ෆේස්බුකියේ නැණ නුවන ‍තෝතැන්න෴

ලෝකේ තියෙන අමාරුම විභාගේ මොකක්ද ? ගොඩක් කට්ටිය කියන්නේ A /L කියල. ඒ කියන්නේ උසස් පෙළ. මොකද මේකේ විෂයන් 3 ක්‌ තියෙන්නවනේ. අනික තව පොදු පරීක්ෂණය කියලත් එකක් තියෙන්නවා. Pass වෙන්න නම් ගොඩක් අයට පුළුවන්. එත් University යන්න සැහෙන ගේමක් දෙන්න වෙනවා. තව Z Score කියලත් එකක් තියෙන්නවා. මේ සේරම ගොඩ දාගෙන තමා ඉතින් University එකට යන්න වෙන්නේ. කොහොමද වැඩේ ?

මේ සේරමටම උදවුවක් දෙන්න තමා අපි මේ Group හෙවත් A\L උදවු කියන එක හැදුවේ. ඕනෑම විෂයකින් තමන්ට තියෙන ප්‍රශ්න මේකේ දාලා එකට උත්තර ගන්න පුළුවන්. මේකේ ප්‍රධාන බලාපොරොත්තුව තමා උසස් පෙළ විභාගය ලේසියෙන්ම ගොඩ දාගන්න උදවු කරන එක. තව එකක් තමා උසස් පෙළ විතරක් නෙමේ , O\L හෙවත් සාමාන්‍ය පෙළ විභාගයට අදාල ප්‍රශ්න වුනත් මේකේ දාන්න පුළුවන්.

කෙටියෙන් කිව්වොත් විභාග වලට අදාල ඕනෑම එකක් මේකේ දාන්න පුළුවන්.

තමන් දන්න දෙයක් අනුන් සමග බෙදා හදා ගැනීමෙන් තමාගේ දැනුම වැඩි දියුණු වෙනවා කියල කතාවක් තියෙනවනේ. අනික A\L වගේ විභාගයක් කරලා සාර්ථකව University එකට යන්න උදවු කරන එක පිනක් කියල තම අපි හිතන්නේ.

එන්න අපිත් එක්ක එකතුවෙලා ලෝකයටම දැනුම බෙදන්න

පාඩම් කරගෙන යනකොට ඒන ප්‍රශ්ණ ඔක්කොටම කියලා විසද ගන්නයි යන්නේ ඔක්කෝම උදව් Set වෙන්න.

Join with A/L Help


28. My computer

මෙම Group එක නිර්මාණය කර තිබෙන්නේ ඔබගේ පරිගණක ගැටළු විසදීම සඳහාය.8000 කට අධික Member ලා ප්‍රමාණයක් ඇත. තවද 40 කට අධික Docs ප්‍රමාණයක් ඇත.




ඔන්න හරිනේ. කැමති එකකට ඔයා ලින්ක් එකෙන් ගිහින් Ask to join this group දුන්නහම හරි. දැන් මේකේ මම මේ Group දැම්මේ Active Group පමණයි. ඒ කියන්නේ අඩුම ගානේ දවසකට එක පොස්ට් එකක්වත් එන ඒවා පමණයි.