Blog එකේ පොස්ට් වලට Read More එකක් දාගන්නේ කොහොමද ? පොස්ට් එක හෑල්ල වගේ පෙන අයට !
10:30 AM
Posted by Sanoj Tharanga
සුබ දවසක් ඔයාලට ! දැන් මේ කියන්න හදන්නේ ඔය බ්ලොග් එකක් හදල තියේ නම්,ඒ ගොල්ලන්ට තියෙන ප්‍රශ්නයක් තමා ලියන මුළු පොස්ට් එකම පෙන එක. මොකද මේක හරි කරදරයක්. ඒ වගේම Home Page එකේ පොස්ට් 10 දැම්මොත් එහෙම බ්ලොග් එකේ යටට යන්න අවුරුදුද්දක් විතර යනවා. ඒ හින්ද අපිට පුළුවන් හැම පොස්ට් එකේම පොඩි පොඩි කැල්ල පෙන විදියට හදාගන්න. හරියට පත්තරේ මුල් පිටුව වගේ.මෙන්න මේ වගේ.
මේක අපිට දැනට ලියල තියෙන හැම පොස්ට් එකටම හෝ ලියන පොස්ට් වලටත් එක Click එකකින් දාගන්න පුළුවන්.එහෙමන් නම් බලමු කොහොමද මේක කරගන්නේ කියල ?
මුලින්ම ලොග් වෙන්න ඔයාගේ Blogger Dashboard එකට.ඊට පස්සේ එකෙන් New Post දෙන්න.
ඊට පස්සේ මෙන්න අපිට එනවා අපි සුපුරුදු පරිදි පොස්ට් දන තැන ! නේද ?
දැන් ඔන්න මෙතනින් තමා අපිට එක දාගන්න පුළුවන් වෙන්නේ.දැන් ඔන්න අපි පොස්ට් එක ලියාගෙන ලියාගෙන යනවා.
දැන් අපිට මේ මුල් පිටුවේ පොස්ට් එකේ පොඩ්ඩක් පෙනිලා අනිත් ටික පෙන්නේ නැතුව යන්න ඕනනේ.එකට ඒ කිව්වේ දැන් ඔය පොස්ට් එකේ තියෙන්නේ “ දැන් මම කියල දෙන්න යන්නේ Read More එකක් දාගන්න විදිය. “ කියල. එක ඉවර වෙන තැනින් තමා මම ඕක දාගන්න යන්නේ. මොකක්ද ? Read More එක.
ඔයාලට පේනවා නේද ඔය පොඩියට තියෙන්නවා කඩදාසියක් ඉරල වගේ සුදු පාට Icon එකක්. 14 වෙනියට තියෙන්නේ.මෙන්න මේක.
ඕක තමා Read More එක දාගන්න ඕන Icon එක. දැන් තියෙන්නේ අපිට Read More එක දාගන්න ඕන තැන තියල ක්ලික් කරන එක.දැන් මේක මට දාගන්න ඕන මේක “ බලමු දැන් කොහොමද දාන්නේ කියල ? “ කියන එකට උඩින්. එහෙම නම් මම ක්ලික් කරන්නේ මෙතන.
ඔයාට එක එන්න ඕන තැන Mouse එක ක්ලික් කරන්න. ඊට පස්සේ අර සුදු පාට Icon එක උඩ ක්ලික් කරන්න.ඊට පස්සේ ඔය වගේ අළු පාට තීරුවක් අවා කියන්නේ වැඩේ ගොඩ. දැන් Publish Post කරලා බලන්නකො. බැරි වෙලාවත් එක අයින් කරන්න ඕන නම් Backspace ගහන්න.
මේක දාන්නේ නැතුව දැනට Publish කරලා තියෙන පොස්ට් වලට මේක දාගන්න නම් www.blogger.com එකට ගිහින් එකෙන් [ Dashboard ] එකෙන් Edit Post යන්න. ඊට පස්සේ අදාල පොස්ට් එකට ඉස්සරහ ඇති එක එඩිට් කරගන්න ලින්ක් එකක් Edit කියල. අන්න එක ක්ලික් කරලා මේ විදියටම කරගන්න.
බැරිවෙලාවත් මේක මෙහෙම නොවී මෙහෙම එනවා නම්
ඔයා පාවිච්චි කරන්නේ පරණ පොස්ට් Editor එක.ඒ නිසා අලුත් එක දාගන්න වෙනවා. එකට
Settings එකෙන් Basic ගිහින්
යටම තියෙන්නවා මෙන්න මේක.
මේකෙන් Updates Editor ( Recommended ) කියන එක උඩ ක්ලික් කරලා Save Settings දෙන්න. දැන් අර ඉස්සෙලා කිව්වා විදියටම කරගන්න. අවුලක් වුනොත් අහන්න හොඳේ.



Post a Comment