පරිගණකයට ඔරලෝසු තුනක් දාගම්ම්ද ? එකක් ලංකවේ, එකක් අරාබියේ, එකක් ඇමෙරිකාවේ ! ඕන රටක එකක් !
8:26 AM
Posted by Sanoj Tharanga
සුබ දවසක් කස්ටියටම ! අදත් මම කියන්න යන්නේ ඔයාලට වැදගත් වෙන දෙයක් ගැන ! මේක ගොඩක්ම වැදගත් වෙන්නේ අපේ පිට රට ඉන්න යාළුවන්ට තමා.මොකද මහ රැ 12,1 විතර තමා අම්මට තාත්තට ගෙදරට කෝල් දෙන්නේ. එක්කෝ ලංකවේ දැන් වෙලාව කියල හොයාගන්න වෙනමම ඔරලෝසුවක් තියාගන්න වෙනවා. එත් දැන් එහෙම ඕන නැහැ. දැනට Microsoft Windows Vista / 7 කියන මෙහෙයුම් පද්දති වල මේකට හොඳ විසදුමක් විදියට Additional Clocks දෙකක් දාගන්න පුළුවන්.අපි බලමු එක කොහොමද කියල ?
මේ තියෙන්නේ මේක ඔයාලට පෙන විදිය. දැන් නම් ඔයාලට පෙන්නේ එක ඔරලෝසුවයි.දැන් බලමු මේ ටික දාගන්නේ කියල. මේකට වෙනම සොෆ්ට් ඕන නැහැ. මේක අපිට Windows එකෙන්ම දාගන්න පුළුවන්.
1.යට වෙලාව පෙන්නන තැන Right Click කරලා Adjust date/time යන්න.ඒ කිව්වේ ක්ලික් කරන්න එක උඩ.
2.ඊට පස්සේ එන එකෙන් Additional Clocks කියන තැන ක්ලික් කරන්න.
දැන් මේකෙන් ක්ලික් දෙකේ දාගන්න Options තමා ඔය තියෙන්නේ. දෙකම දාගන්න ඕන Show this clock කියන තැන් දෙකේම ක්ලික් කරන්න.ඊට පස්සේ Select Time Zone කියන එකට ඔයාට වෙලාව දාගන්න ඕන රටේ වෙලාව දෙන්න.ඒ කිව්වේ ලංකවේ Sri Jayawardanapura වගේ ඒ අදාල රටේ ප්‍රධාන නගරය තෝරන්න ඕන. යට Enter Display Name කියන එකට අදාල රටේ නම දෙන්න.එක්කෝ කැමති එකක්.නම දුන්නොත් නේ හොයාගන්න පුළුවන් නේද ? අනිත් ඔරලෝසුවෙත් එහෙමයි. එහෙම නම් දැන් හරිනේ. අයේ එහෙම මහ රැ කතා කරන්න එපා හොඳේ.
දැන් එහෙම වැඩේ හරියන්න ඇතිනේ. අවුලක් අවොත් කියන්න හොඳේ.



Post a Comment