PenDrive-Windows-7-Microsoft-450x299

සුබ දවසක් ඔයාට ! දැන් මම කියල දෙන්න හදන්නේ පෙන් එකෙන් කොහොමද ඔයාලගේ පරිඝණකට Windows දාගන්නේ කියල !මේකට අපි පෙන් එක Bootable වෙන්න හදාගන්න ඕන ඉස්සෙලා. එකට අපි පාවිච්චි කරන්නේ CMD එක. දැන් ඔන්න කට්ටිය බයවෙනවා CMD එක කිව්වහම. නැහැ නැහැ….මේක ඉතාම ලේසි. ඒවගේම සොෆ්ට් වලින් හදාගන්නවට වඩා ලේසි.

මේක කරගන්න අවශ්‍ය මොනාද ?

1. 4GB පෙන් එකක් හෝ 4GB ඇති හෝ ඊට වැඩි Memory Card එකක්.

2. Windows 7 මොනම Image එකක් හරි එක්කෝ Image එකක් නැත්තම් එකෙන් කොපි කරගත්ත ෆයිල් ටික

දැන් බලමු අපි මේක කරගන්නේ කොහොමද කියල ? වෙන සොෆ්ට් වල අවශ්‍යතාවයක් නැහැ හොඳේ.

මේකට ඔයාල මුලින්ම CMD එක ඕපන් කරගන්න ඕන ! එක ඕපන් කරගන්නේ මෙහෙමයි.

1. Start Menu එක උද ක්ලික් කරලා All Programs ගිහින් එකෙන් Accessories එකෙන් Command Prompt එක ගන්න පුළුවන්. එක්කෝ ඔය Start Menu එක උද ක්ලික් කරලා Search programs and files කියාන එක උද ක්ලික් කරලා CMD එකෙන් එන Result එකෙන් ගන්න පුළුවන්. කළු පාට Icon එකක් තියෙන්නේ.ඔය මොන විදියට හරි ගන්න. ඊට පස්සේ මෙන්න මෙහෙම එන්නේ

image
දැන් ඔන්න අපි ඕන එක අරගත්තා. දැන් මම කියන කෝඩ් ටික ඒ විදියටම ටයිප් කරන්න තියෙන්නේ. ඊට ඉස්සෙලා දැන් පෙන් එක ඔයාලගේ පරිගණකයට සම්බන්ද කරලා තියෙන්න ඕන. ෆොර්මැට් නම් කරන්න ඕන නැහැ. එත් මේක කරන කොට පෙන් එකේ තියෙන සේරම දත්ත නැතුව යනවා. ඒ නිසා ඕන ඒවා තියේ නම් ඒවා ටික කොපි කරගන්න වෙන එකකට.හරි. ඔන්න දැන් වැඩේ පටන් ගන්න හදන්නේ

1. දැන් මුලින්ම CD/ කියල ටයිප් කරලා Enter ගහන්න.
image
2. ඊට පස්සේ CD Windows කියල ගහන්න. ගහල Enter ගහන්න.
image
3. ඊට පස්සේ CD System32 කියල ගහන්න. ඊට පස්සේ ගහල Enter ගහන්න.
image
4.ඊට පස්සේ Diskpart කියල ගහල Enter කරන්න.
image
5.ඊට පස්සේ List Disk කියන එක ගහන්න. ගහල ඉවර වෙලා Enter ගහන්න.
image
දැන් ඊට පස්සේ Disk 0,1,2 කියල තුනක් පෙන්නනවා. මේ පෙන්නනේ ඔයාගේ කොම් එකේ දැනට තියෙන ගහල තියෙන පෙන්, ඔයාගේ Hard එක. වගේ දේවල්. දැන් ඔය දැනගන්න ඕන මොකක්ද මේකේ පෙන් එක කියල.මේ පික් එකේ විදියට නම් පෙන් එක වෙන්නේ Disk 2 කියන එක. සමහර විට ඔයාගේ එකේ Disk 1 වෙන්න පුළුවන්.

6. ඔයාගේ පෙන් එක Disk 1 නම්, Select Disk 1 කියල ගහන්න. එහෙම නැතුව Disk 2 නම් Select Disk 2 කියල ගහන්න.ගොඩක් වෙලාවට කොම් එකේ වෙන පෙන් ගහල නැත්තම් [ මේ පෙන් එක ගැන නෙමේ ]. Hard Disk එකයි [ ඒ කිව්වේ දැන් තියෙන එක ] පෙන් එකයි නම් ගොඩක් වෙලාවට පෙන්නනේ Disk 0, 1 පමණයි.එත් ඔයාගේ කොම් එකේ හාර්ඩ් එහෙම දෙකක් තියේ නම් මේ විදියට පෙන්නන පුළුවන්. මොකක් හරි කමක් නැහැ දැන් මගේ පෙන් එක මේකේ පෙන්නනේ Disk 2 කියල නිසා මම Select Disk 2 මෙහෙම ගහනවා.ඔයාලගේ මේක පෙන්නනේ Disk 1 නම් Select Disk 1 කියන එක ටයිප් කරන්න ඕන. පෙන් එක පෙන්නනේ 3 වෙනියට නම් Select Disk 3 කියන එක දෙන්න ඕන.

ඊට පස්සේ Disk 2 is now the selected disk. කියල එකක් එනවා. image
7.ඊට පස්සේ Clean කියල ගහල Enter ගහන්න.
image
8.ඊට පස්සේ Create Partition Primary කියල ගහල Enter කරන්න.
image
9.ඊට පස්සේ Select Partition 1 කියල ගහල Enter ගහන්න.
image
10.ඊට පස්සේ Active කියල ගහල Enter ගහන්න.
image
11.ඊට පස්සේ format fs=ntfs quick කියල ගහල Enter ගහන්න. එහෙම හරියන්නේ නැත්තම් format fs=ntfs
image
දැන් Autoplay එකක් අවොත් එක Close කරන්න. මේක නෙමේ හොඳේ. තව පොඩ්ඩක් තියෙන්නවා.

12.ඊට පස්සේ Assign කියල ගහන්න.ගහල Enter ගහන්න.image
දැන් ඔන්න හරි වැඩේ. තව එක වැඩයි තියෙන්නේ. කරගන්න. මොකක්ද දන්නවද ? ඔයාගේ DVD එකේ හෝ Image එක්කෝ Hard එකේ Windows 7 DVD එකේ තියෙන ෆයිල් ටික මේකට කොපි කරගන්න තියෙන්නේ. බලමු එකත්.

දැන් ඔයාගේ ඒ ෆයිල් තියෙන්නේ DVD එකේ නම් ?

එහෙම නම් රොම් එකට DVD එක දල…..එකේ ෆයිල් ටික පෙන විදියට ඕපන් කරගන්න. ඒ කිව්වේ මෙන්න මෙහෙම
image

දැන් මේ ෆයිල් ටික සේරම Select කරගෙන [ Select කරගන්න ඕන අය Ctrl + A ] ඉවර වෙලා කොපි දෙන්න. එක එක්කෝ Ctrl + C ගහන්න. එක්කෝ Right Click කරලා කොපි දෙන්න. ඊට පස්සේ පෙන් එකට ගිහින් පේස්ට් කරගන්න. ඒ කිව්වේ
image

මෙන්න මෙහෙම කොපි දීල යට පික් එකේ විදියට පේස්ට් කරගන්න.

image

ඒ කියන්නේ මෙහෙමයි.

image

දැන් තේරුනා නේ. ඒ කිව්වේ පෙන් එකට නිකන්ම පේස්ට් කරගන්න කිසිම ෆෝල්ඩර් එකක් හදන්නේ නැතුව. පෙන් එක ඕපන් කරපු ගමන්ම පෙන්න ඕන ඒ ෆයිල් ටික

ෆයිල් ටික තියෙන්නේ Image [ ISO Image, NRG Image, Alcohol Image ] එකක නම් Surprised smile  ?

ඔය ගාව තියෙන්නේ ISO Image එකක් නම් මෙහෙමයි. මේකට ඔයාට ඔය DVD Image එකේ තියෙන ෆයිල් ටික වෙනම ගන්න වෙනවා. එකට ඔයාට 7z එක දාගෙන Extract කරගන්න පුළුවන්. 7z එක මේකෙන් බාගෙන එකේ තියෙන විදියට Extract කරගන්න. ඒ කිව්වේ Image එක උද Right Click කරලා 7z එකෙන් Extract දෙන්න. ඊට පස්සේ ඔය උද කිව්වා විදියට ම ඒ Extract වුන ෆයිල් ටික පෙන් එකට පේස්ට් කරගන්න.

දැන් අන්තිම එක ? පෙන් එකෙන් කොම් එක බුට්‌ වෙන විදියට හදාගන්න එක

එහෙම බුට්‌ වෙන්න නම් ඔයාගේ කොම් එකේ BIOS එකේ Setting හදන්න ඕන…….BIOS එකේ Boot යටතේ First Boot Device එකට දෙන්න ඕන USB-HDD හෝ එහෙම එකක් නැත්තම් පෙන් එකෙන් නමින්ම ගන්නව නම් අන්න එක.එක්කෝ ඔයාගේ ලැප් එකක් නම් අලුත්….එක්කෝ ඩෙක්ස්ටොප් එකක් නම්.එකට වෙනම බුට්‌ කරන්න Key එකක් එනවා නම් මෙහෙම දෙන්න ඕන නැහැ ! සමහර වෙලාවට ඔය F1 එකේ ඉදන් – F12 වෙන කම් සෙට් එකේ ඔහොම් එකක් ඇති………අවුලක් වුනොත් අනිවා කියන්න ඕන….නැතුව මෙච්චර දුර කියවල වැඩක් නැහැනේ නේද ? අවුලක් හිතන්න එපා…….අහන්න හොඳේ.