සුබ දවසක් වෙනද වගේම ඔයාලට ! දැන් මේ මම කියන්න හදන්නේ ඔයාලගේ පරිගණකයේ Screenshot එකක් ගන්නේ කොහොමද කියල ? ඒ කියන්නේ මෙන්න මේ වගේ එකක් ගන්න කොහොමද කියල කියන්න හදන්නේ ?
මේ තියෙන්නේ Screenshot එකක්




හරි අපිට මේක ක්‍රම ගොඩකට කරගන්න පුළුවන්. Windows මෙහෙයුම් පද්දතියෙන්ම සපයල තියෙන Tools වලින් කරගන්න පුළුවන්.එක්කෝ මේ සදහම ඇති සොෆ්ට් දල කරගන්න පුළුවන්.Windows Vista / Windows 7 වල නම් මේකට වෙනම Tool එකක් හදල තියෙන්නවා. අපි මුලින්ම එක බලමු. එකෙන් මේ වැඩේ කරගන්නේ කොහොමද කියල ?

මේක Windows Vista/7 කියන හැම Version එකකම තියෙන්නවා. මේකට කියන්නේ Snipping Tool කියල.මේක ඔයාලට ඕපන් කරගන්න පුළුවන් මෙන්න මෙහෙම.
Start එක උද ක්ලික් කරලා. ඒ කිව්වේ Start Menu එකෙන් Button එක උද. ඊට පස්සේ එකෙන් All Programs කියන එක උද ක්ලික් කරන්න. ඊට පස්සේ එකෙන් Accessories කියන එකෙන් Snipping Tool කියන එක උද ක්ලික් කරන්න.

image

ඔය තියෙන්නේ.කතුරක් වගේ එකක්. අන්න එක.දැන් එක ක්ලික් කලාම Desktop එක සුදු පාට වෙනවා.

image

දැන් එත් එක්කම එනවා නේද ඔකේ  + වගේ එකක්. හික්ස්. එක මේ පික් එකේ පෙන්නේ නැහැ හොඳේ. ඔයාට එහෙම එකක් එන්න ඇතිනේ. Smileදැන් ඔයාට Screenshot එක ගන්න ඕන තැන තියල Mouse Pointer එක ක්ලික් කරගෙනම අදින්න.

image
ඊට පස්සේ මෙන්න මෙහෙම එකක් එනවා නේ.දැන් ඔන්න ඔයා Screenshot එක අරගෙන ඉවරයි. දැන් තියෙන්නේ මේක Save කරගන්න. දැන් Ctrl Key එකයි S එකයි ගහල මේක කැමති තැනකට Save කරගන්න.එක්කෝ එක කරගන්න පුළුවන් File එකේ තියෙන Save as කියන එකෙනුත්. දැන් හරිනේ. මේක ඕනෑම තැනකට දාගන්න පුළුවන්.