ඔබට Web Broswer වල මදි කමක් ද ? එහෙම නම් මෙන්න අලුත්ම ගිනි නරියාගේ ගින්න හිදවන්න අලුතෙන්ම Water FOX 10.0.02 ! හෙවත් 64 Bit Firefox


ඔයාල දැනටත් පාවිච්චි කරලා ඇතිනේ. මේ Mozilla Firefox වෙබ් Broswer එක. ගොඩක් අය කැමති මේකට.ඕකට ගහන්න කියලනේ Chrome එක අවේ. එකෙන්ම කොපි කරගෙන නේ Comodo Dragon හැදුවේ.දැන් Firefox එකෙන් කොපි කරගෙන තමා Water FOX හදල තියෙන්නේ. මේක ඉතින් පෙනුම අතින් Firefox එකම තමා.එත් පොඩ්ඩක් වෙනස්. Browsing එහෙම බලන්න බැරි වුන. කියන්න තරම් වරදක් නම් නැහැ. ඉතින් කස්ටියට බාගන්න පුළුවන් මේ ලින්ක් එකෙන් මේක.වැඩි විස්තර සහ Plug Ins මේකෙන් බාගන්න පුළුවන්.මෙන්න මේකේ Screenshot එකක්.මේකත් Firefox වල එක්තරා Varient එකක්.


image

කැමති අය ටෙස්ට් කරලා බලන්න. මේක වැඩ ද කියල මම බැලුවේ Windows 7 64 Bit එකේ. 32 එකේ නම් වැඩ නැද්ද කොහෙද…….කෝකටත් බලන්නකො………


Waterfox 10.01 - Firefox 64 Bit Edition

Waterfox browser based on Firefox browser and is designed for 64-bit operating system. Waterfox addition to high security, all Firefox functionality of Windows 32-bit in their place, and also has a higher rate of pages which can also speed up Bsyaar does this for you. Also, you'll be able to install all plugins for Firefox also provides on Water FOX.

Features software Waterfox :

- browser 64-bit systems
- more efficient and faster than Firefox
- specific design
- high security
- Firefox optimized

Download and More Information
 


Searched Tags :

Waterfox Download

Water Fox 64 Bit

Web Broswers

Firefox for 64 Bit

Fantastic Fire Screensaver ! ගින්දර වගේ !


දැන් මේ කියන්න ලස්සන Screensaver එකක් ගැන. මේ තියෙන්නේ යට Screenshot එකක් මේකේ. ඕක හැම වෙලාවේම තියෙන්නේ නැහැ. විනාඩියෙන් විනාඩියට වගේ වෙනස් වෙනවා. තව යටින් Music එකක් වගේ එකක් යනවා.

Fantastic-Fire-Screensaver_1

ඔය තියෙන්නේ. මුලින්ම එන්නේ ඔය වගේ තමා ඕක. එහෙම නම් අවශ්‍ය අය බාගන්නමේක 15MB වගේ තියෙන්නේ. බාගෙන ඉන්ස්ටෝල් කරගන්න තියෙන්නේ. වෙන කිසිම දෙයක් කරන්න නැහැ.


File කැලි කැලි වලට කඩන්න නොමිලේ දෙන ! HJ - Split !

hjsplit

සුබ දවසක් ! කස්ටියටම ! අදත් මම කියල දෙන්න හදන්නේ ඔයාලට ගොඩක්ම වැදගත් වෙන නොමිලේම දෙන පොඩි එත් ගොඩක් වැදගත් වෙන සොෆ්ට් එකක් ගැන ! වැදගත් වෙනව කිව්වේ මේකයි. දැන් ඔයාල දැකල ඇතිනේ ඔය ගොඩක් ෆිල්ම් එහෙම බාගන්න කොට ඒවා කොටස් 3 ට / 4 ට වගේ ගණන් වලට කඩල තියෙන්නවා. ඒ විතරක් නෙමේ අපේ සයිට් එකෙත් එහෙම 200 MB Parts වලට කඩල තියෙන්නේ. අන්න එහෙම කඩන්න පුළුවන් සොෆ්ට් එකක් ගැන තමා මේ කියන්න හදන්නේ !මේකෙන් එහෙම ෆයිල් එක කඩපුවහම කිසිම හානියක් වෙන්නේ නැහැ ෆයිල් එකට.දැන් බලමු මේකෙන් ෆයිල් Split කරගන්නේ කොහොමද කියල ? ඒ වගේම එහෙම Split කරගත්තු ඒවා අයේ එකට එකතු කරගන්නේ කොහොමද කියලත් !

කරගන්න ඉස්සෙලා ඔයාලට මුලින්ම සොෆ්ට් එක බාගන්න වෙනවා. එහෙම නම් මෙන්න මේකෙන් බාගන්න Windows දාගෙන ඉන්න අය මේක 200KB වගේ තියෙන්නේ.

Linux / Ubuntu දාගෙන ඉන්න අය මේ ලින්ක් එකෙන් බාගන්න

දැන් ගොඩක් අය Windows පාවිච්චි කරන අය එකෙන් කරගන්න විදිය කියන්නනම්. Linux වලිනුත් මේ විදියමයි.

1.දැන් බාගත්තු ෆයිල් එක 7z එකෙන් හෝ Zipping Soft එකකකින් Extract කරගන්න ඕන ! 

2. දැන් ඒ Extract වුන ෆෝල්ඩර් එකේ hjsplit කියල එකක් ඇති. අන්න එක Double Click කරලා ඕපන් කරගන්න.
image
මේක තමා උඩ කිව්ව සොෆ්ට් එක. අපිට මේකෙන් පුළුවන් ප්‍රධාන වශයෙන්ම ෆයිල් Split කරගන්න සහ ඒ Split කරපු ඒවා නැවත Join කරගන්න.

මුලින්ම බලමු කොහොමද Split කරගන්නේ කියල ?

මේකට ඔයාගේ ෆයිල් එක ZIP එකක් වෙන තරමට හොඳා.ZIP File එකක් නෙමේ නම් ඔයාට එක ZIP කරගන්න පුළුවන් මේ ලින්ක් එකෙන් 7z එක බාගෙන.ඊට පස්සේ අපි දැන් බලමු මේක පියවරෙන් පියවර කරගන්නේ කොහොමද කියල ?

image

දැන් ඔයාලට පේනවා ඇති මේ ෆයිල් එක 1.40 GB. මම දැන් මේක 200MB කොටස් වලට කඩා ගන්න හදන්නේ. එත් ඔයාලට ඕන ගානකට වෙන් කරගන්න පුළුවන්.ඒ කිව්වේ 10MB /20 MB /30MB 500MB වගේ ඕනෑම විදියකට.දැන් ඔන්න මම මේක 200 MB Parts වලට වෙන කරගන්න හදන්නේ. එක නිසා මුලින්ම සොෆ්ට් එක ඕපන් කරගන්න.
image
ඔන්න හරි. දැන් අපි හදන්නේ ෆයිල් එකක් කඩාගන්න නිසා [ Split ] කරගන්න නිසා අපි මේකේ Split කියන එක උඩ ක්ලික් කරගන්න ඕන. ඊට පස්සේ මෙන්න මෙහෙම එකක් එනවා.
image

දැන් අපිට කඩාගන්න ඕන ෆයිල් එක මේ Input File කියන තැන ක්ලික් කරලා Broswe කරගන්න ඕන. එහෙම නම් මම ඔන්න එක කරගන්නවා.
image

අදාල ෆයිල් එක තෝරලා Open දෙන්න තියෙන්නේ. එහෙම දෙන්න එන්නේ නැති නම් මේක ZIP එකක් කරගෙන ඉන්න වෙනවා.එකට නම් ඔයාට 7z / WinRAR / WinZIP වගේ සොෆ්ට් එකක් පාවිච්චි කරගන්න වෙනවා.එහෙම කරගන්න හැටි මේ පොස්ට් එකේ 7z එක භාවිතා කරගෙන කියල දීලා තියෙන්නවා.දැන් ඔය උඩ මම Select කරගෙන තියෙන්නේ ZIP File එකක්. ඒ නිසා කිසිම ගැටලුවකින් තොරව පාවිච්චි කරන්න පුළුවන් මේ වැඩේට.දැන් එහෙම නම් අදාල ZIP File එක තෝරාගෙන [ Select ] කරගෙන Open දෙන්න.

image

දැන් ඔයාලට පේනවා ඇති මේකේ Input File එකට අපි තෝරලා දුන්න ෆයිල් එක අරගෙන තියෙන්නවා. ඒ වගේම Output එකටත් අපි දුන්න ෆයිල් එකේ නමයි,ඒ ඉස්තනයයි අරගෙන තියෙන්නවා. ඒ කියන්නේ ඔය ෆයිල් එක කැඩිලා Save වෙන්නේ ඔතෙන්ටම තමා. වෙන කොහාටවත් නෙමේ. අපි Split කරගන්න යොදාගන්න ෆයිල් එක තියෙන තැනමයි.
දැන් අපි බලමු ඇයි මේ Output එකේ අන්තිමට .001 කියල තියෙන්නේ කියල.දැන් මම කිව්වනේ අපිට මේ 1.40GB File එක කඩාගන්න පුළුවන් කියල. ඕනෑම Size එකක එකක් පුළුවන්. මම කිව්වේ මේ පොස්ට් එකේ හැටියට.එතකොට මේ ෆයිල් එක අපි 200MB Parts වලට Split කලොත් අපිට පාර්ට් එනවා 7 ක්. නේද ? 200MB x 7 = 1400MB [ 1.40 GB ]. මෙහෙම කලා කියල ෆයිල් එකේ Size එක අඩු වෙන්නේ නැහැ. අපි Size අඩු කරලා හදාගෙන දුන්නොත් මේකෙන් කැලි කඩා ගන්න පුළුවන්. දැන් අර පාර්ට් 7 එන්නේ මෙහෙමයි.

Original File Name = Sinhawalokanaya.zip
Split File Names = Sinhawalokanaya.zip.001,Sinhawalokanaya.zip.002…….Sinhawalokanaya.zip.007

මෙන්න මෙහෙම තමා එන්නේ. එක නිසා තමා මේ අන්තිමට .001 එක තියෙන්නේ පලවෙනි එක.

File එක Split කරගන්න ඕන Size එක තෝරාගන්න හැටි ?

ඔය දැන් යට තියෙන්නවා නේද [ උඩ Picture එකේ ] Split File Size කියල. එකෙන් අපිට පුළුවන් මොන මොන Size එකේ කැලි විදියටද කඩාගන්න ඕන කියන එක. KBytes නම් ඔහොමම දීල KB කියකටද කියල ඉස්සර තියෙන කොටුවේ ටයිප් කරගන්න ඕන. දැන් අපි 200 MB වගේ කඩාගන්න නිසා KBytes වෙනුවට මම MBytes කියන එක තෝරාගන්නවා.තෝරාගෙන File Size එකට 200 දාගන්නවා.ඔයාලට කැමති ගානක් දාගන්න පුළුවන්, මේ ගානම වෙන්න ඕන කියල එකක් නැහැ.

image

දැන් සේරම හරිනේ. දැන් ඉතින් මේක පටන් ගන්න ඔය Start කියන එක උඩ ක්ලික් කරන්න.ඊට පස්සේ මෙන්න මෙහෙම Split වෙනවා.

image

දැන් ඔන්න වෙනවා. මේකේ මම සියට එකෙන් එක පික් දාන්නේ නැහැ හොඳේ. එහෙම දන්නා ගියොත් පිස්සු හැදිලා අයේ හැදෙනවනේ.ඔයාලට  පේනවා ඇති එතනම අර උඩ මම කිව්වා විදියට පාර්ට් 1,2 හැදෙනවා කියල.

ඊට පස්සේ ටික වෙලාවකින් මෙහෙම එකක් එනවා වැඩේ වුනා කියල. ඒ වගේම එතනම ඔයාලට බලාගන්න පුළුවන් එක වෙන වෙනම කොටස් වලට වෙන් වෙලා තියෙන්නවා.

image

දැන් ඔයාලට පේනවා ඇති එතනම පාර්ට් 7 කට මේක වෙන් වෙලා තියෙන්නවා.නමුත් අපිට මේ විදියට තියාගෙන මේ ෆයිල් Access කරගන්න බැහැ. මෙහෙම හිතමු. ෆිල්ම් එකක් නම් මෙහෙම කලාට පස්සේ අයේ නිකන්ම ඕපන් කරලා ෆිල්ම් එක බලාගන්න බැහැ.එකට මේ ටික අයේ තිබ්බ විදියටම හදාගන්න වෙනවා. කඩපු කොටස් ටික එකතු කරගන්න වෙනවා.

කඩපු / Split කරපු ඒවා එකතු කරගන්නේ කොහොමද ?

දැන් අපි කරන්න හදන්නේ මේ කඩපු ෆයිල් ටික අයේ එකතු කරගන්නේ කොහොමද කියල බලන්න. දැනට අගට 001,002 කියන ඒවා තමා මේ විදියට අයේ එකතු කරගන්න පුළුවන් වෙන්නේ. අපිට ඕන නම් සොෆ්ට් එකෙන්ම එකතු කරගන්නත් පුළුවන්.එක්කෝ ඔය 7z / WinRAR / WinZIP වගේ එකකිනුත් පුළුවන්.අපි මුලින්ම බලමු මේ සොෆ්ට් එකෙන් එකතු කරගන්නේ කොහොමද කියල ? දැන් අයේ සොෆ්ට් එක ඕපන් කරගන්න.

image
දැන් මේකෙන් අපි හදන්නේ කඩපු ෆයිල් එකතු කරගන්න නිසා Join කියන එක උඩ ක්ලික් කරන්න දෙවැනි Button එක.
ඊට පස්සේ මෙන්න මෙහෙම එකක් එනවා.
image

දැන් මේකෙන් ඔය Input File කියන එක උඩ ක්ලික් කරලා අර කඩාගත්තු ෆයිල් එකේ පලවෙනි එක තෝරාගන්න ඕන. ඒ කිව්වේ අගට .001 කියන එක. ගොඩක් වෙලාවට එක පමණයි පෙන්නන්නේ. අනිත් ඒවා පෙන්නනේ නැහැ.

image

පේනවා නේද ? අර කැඩුන ෆයිල් සේරම මෙතන තිබ්බට සොෆ්ට් එකෙන් Broswe කලාම පෙන්නන්නේ එකයි. මොකක්ද අර ඉස්සෙලා කිව්වා අගට .001 කියන එක.Files Of Type කියන එකෙත් පෙන්නන්නේ 001 Split Files කියල පමණයි. දැන් පලවෙනි එක තෝරාගෙන Open දෙන්න.

image

දැන් ඔයාලට පේනවා ඇති මේකේ තියෙන්නේ Split එකේ අනිත් පැත්ත කියල.Output එකට අන්තිමට ZIP එක හැදෙනවා කියල.එහෙම නම් Join වෙන්න දැන් Start කියන තැන ක්ලික් කරන්න.ඊට පස්සේ ඔන්න එකතු වෙනවා.

image

දැන් එතනම අර Original File එක හැදෙනවා කියල පේනවා ඇති.ඊට පස්සේ ටික වෙලාවකින් මෙහෙම එකක් එනවා වැඩේ හරි කියල.

image

දැන් එතනම අර Original එක තියෙන්නවා. පේනවා ඇතිනේ. හරි.ඔන්න ඔහොමයි ඒ වැඩ දෙක කරගන්නේ.අනිත් ඔය Compare සහ Checksum කියන ඒවා අපි භාවිතා කරගන්නේ ZIP File Compare කරගන්න. ඒ කියන්නේ සංසන්දනය කරගන්න සහ අනිත් එක ඔය ZIP Checking වලට එහෙම.මෙහෙම තමා ඔයාල ඔය බාගන්න ෆයිල් එහෙම එකට එකතු කරගන්නේ.අහ අමතක වුනානේ. අර අනිත් විදියත් තියෙන්නවා නේ. මොකක්ද අර Win RAR /WinZIP /7z වලින් එකතු කරගන්න එක.

බලමු එහෙම නම් 7z එකෙන්
දැන් ඔයාලට අර ඉස්සෙලා ෆයිල් කඩපු එකේ පලවෙනි එක තියෙන්නේ. අගට .001 කියන එක. අන්න එක උඩ Right Click කරලා Extract දෙන්න.

image

ඊට පස්සේ සොෆ්ට් එකෙන් Automatically ම අනිත් පාර්ට් ටිකත් අරගෙන මේක තනි එකක් විදියට හදාගන්නවා.ඔය WinRAR / WinZIP කියන ඒවයෙත් මේ විදියටම තමා.

ඔන්න දැන් හරි. අවුලක් අවොත් කොම්මෙන්ට් එකක් දල අහන්න හොඳේ.මම හිතනවා මේක ප්‍රයෝජනවත් වෙන්න ඇති කියල.


46 Excellent English Fonts [ ZIP ] - 3MB නොමිලේ !

එක එක වැඩ කර ගන්න එක එක ෆොන්ට් ඕන වෙනවා. එත් ගොඩක් ඔයාලට හම්බුවෙන්නේ සාමාන්‍ය ෆොන්ට් තමා. එත් දැන් දෙන්න හදන්නේ සුපිරිම ෆොන්ට් ටිකක්. වැඩි කතා ඕන නැහැනේ. යට තියෙන්නේ ඒ ෆොන්ට් වල හැඩ.
Slide1

Slide2
Slide3

මේ සේරම සෙට් එක එකම ZIP එකකින් බාගන්න පුළුවන් ඔයාලට. මෙන්න එහෙම නම්


ෆොන්ට් ඉන්ස්ටෝල් කරගන්නේ කොහොමද ?

අදාල ෆොන්ට් ටික සේරම Select කරලා C: එකට ගිහින් එකෙන් Windows කියන ෆෝල්ඩර් එක ඕපන් කරගෙන එකේ තියෙන්නවා Font කියල ෆෝල්ඩර් එකක්. එකට පේස්ට් කරගන්න. එක්කෝ සේරම Seleclt කරගෙන Right Click කරලා Install දෙන්න Windows 7 නම්


Download High Quality and Most Attractive English Font Set

Windows Sidebar Gadgets 300+ ක් නොමිලේම බාගන්න ! Clock, Power Gadgets, Online Radio ඕන එකක් ! අපෙන්ම පමණයි !

දැන් ඔයාල දන්නවනේ අර Windows Vista සහ Windows 7 වල අර අයිනේ එක Sidebar එක. අන්න එකට වෙනම Gadgets Microsoft සයිට් එකෙන් ගන්න පුළුවන්. එත් එකෙත් ගොඩක් නැහැ. අනික සේරම ඉන්ස්ටෝල් කරගන්න ගියහමත් එපා වෙනවනේ.


 එත් මම දෙන්න හදන්නේ දැන් මේ Windows Sidebar Gadgets 300 කට වැඩි ගණනක් ලේසියෙන්ම දාගන්න පුළුවන් ලින්ක් එකක්. මේක මමම අප්ලෝඩ් කරපු එකක්.මේකේ සේරම Gadgets 300 කට වැඩි ගණනක් තියෙන්නවා. එහෙම නම් ඕන අය මෙන්න බාගන්න



දැන් එහෙම නම් කියන්නම් මේ ටික Install කරගන්නේ කොහොමද කියල ?

මෙහෙමයි…….මේක බාගන්න.බාගෙන Extract කරගන්න. ඊට පස්සේ Sanoj Express Windows Sidebar Gadgets - SMSANOJTHARANGA.blogspot.com කියල එකක් ෆෝල්ඩර් එකක් එනවා. දැන් ඒ ෆෝල්ඩර් එකේ තියෙන සේරම Select කරගන්න.ඊට පස්සේ ඒ ටික කොපි කරගෙන C:\Program Files\Windows Sidebar\Gadgets කියන එකට ගිහින් Paste කරගන්න. එච්චරයි. මොකක් හරි අවුලක් නම් අහන්න. හොඳේ.


SLT Reverse Directory 2011 ! Download Now ! ෆෝන් නම්බර් එක දන්නවා නම් නම, ගම, හොයන්න !

ලංකාවේ දැනට Sri Lanka Telekom ෆෝන් පාවිච්චි කරන අයට, පාවිච්චි කරන අයගේ විස්තර හොයාගන්න පුළුවන් සොෆ්ට් එකක් තමා මේක.මම කියන්නේ Land Line වල…අනිත් එවල නම් දැනට බැහැ හොඳේ. එහෙම නම් මෙන්න බාගන්න [ 107 MB ]

Capture


මේ තියෙන්නේ මේකේ Interface එක

Capture2

මේක බාගෙන Extract කරලා SLT_Reverse_Directory_2011 කියන එක ඕපන් කරගන්න තියෙන්නේ. අවුලක් වුනොත් කියන්න අයේ. හැබැයි Windows XP නම් SP3 වෙන්න ඕනද කොහෙද ? Windows 7 / Vista නම් කිසිම අවුලක් නැහැ වැඩ.අනික Serial එහෙම දාන්න නැහැ හොඳේ.

KM Player EN 3.1.0.0 එක දැන්ම බාගන්න ! Windows 8 සදහා සුවිශේෂී ! නොමිලේම අපෙන්ම පමණයි !

5e5bdf7fb64cඔයාලට Video එහෙම Play කරගන්න ඕන වුනහම Play කරගන්න ඕන වෙන පට්ට සොෆ්ට් එකක් තමා මේක ! KM Player ! ගොඩක් ප්‍රසිද්ද සොෆ්ට් එකක් තමා මේක. දැනට තියෙන හැම Video එකක්ම Play කරන්න පුළුවන් මේකෙන් !


මෙන්න එහෙම නම් බාගන්න 22MB හොඳේ.


Download KM Player 3.1 from Mediafire.com [ 22MB ]






මේ සොෆ්ට් එක ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන් මේ ලින්ක් එකෙන්




අවුලක් වුනොත් කියන්නකෝ 

Comodo Anti Virus ගැන දන්නවද ? අනිත් හැම එකක්ම එපා වෙලාද ? ස්ලෝ වෙනවද ? එහෙම නම් මෙන්න විසදුම !



දැන් අපේ කස්ටිය එක එක Virus Guard දානවා ඉවරයක්‌ නැහැ. එක්කෝ කොම් එක ස්ලෝ වෙනවා. එක්කෝ Virus අල්ලනේ නැහැ කියනවා. එක්කෝ සල්ලි දීලා ගන්න බැහැ Guard එක.ඔන්න ඒ කට්ටියට මම කියන්න යන්නේ හොඳ Virus Guard එකක් ගැන. මේක තමා Comodo Anti Virus එක. මේකේ Internet Security එකකුත් තියෙන්නවා. එත් එක ගැන මම පස්සේ කියන්නම්. හරි දැන් මාතෘකාවට බහිමුකො. කැමති කට්ටියටම මේක දාගෙන බලන්න පුළුවන්. ගොඩක් හොඳා. 



මේ තියෙන්නේ මේකේ පික් එකක්. කැමති අයට මේක මේ ලින්ක් එකෙන් බාගන්න පුළුවන් නොමිලේම.


දැන් මම කට්ටියට දැනගන්නත් එක්ක මේකේ Screenshot ටිකක් දෙන්නම් මෙන්න 

මෙන්න මෙහෙමයි Install කරන්න තියෙන්නේ 


ඊලගට මෙන්න මෙහෙම එකක් එනවා. Email නම් දුන්නේ නැතත් කමක් නැහැ  




මෙන්න මේකේ Interface එක 


මේක මේ කහ පාට වෙලා තියෙන්නේ Update කරලා නැති නිසා ! දැම්මා ගමන්මනේ 


මේ තියෙන්නේ Guard එකට සැක Software එහෙම Run වෙන්න හදනවනම් අපෙන් අහන Window එක


මෙන්න මෙහෙමයි අපි Scan කරද්දී එන්නේ

කැමති කස්ටියට දාගන්න පුළුවන්. මටත් හම්බුන නිසා මේක දන්නේ නැති කට්ටියටත් එක්ක දැනගන්න තමා මේකේ දැම්මේ. එහෙම නම් දාල හොඳ නරක එහෙම කියන්න. තමන්ට හොඳා කියල හිතේ නම් දිගටම දාගෙන ඉන්න එකයි තියන්නේ.




කොම් එකට වෙනස් Icon ටිකක් ඕනද ? බ්ලොග් එකට වෙබ් එකට ! Pirate Icons ! මංකොල්ලකරුවන්ට විශේෂයි ! 30MB ! 120 Icons !


වැඩි කතා ඕන නැහැ. මෙන්න Icon / PNG එකේ Sample පින්තුර ටිකක් තියෙන්නවා. සේරම 120 ක් විතර තියෙන්නවා. මේවා ඉතින් ඔයාලගේ කොම් එකේ ඕනෑම Folder එකකට හෝ ඕනෑම Icon එකකට දාගන්න පුළුවන්. තව එකක් කැමති නම් බ්ලොග් එකට හෝ වෙබ් එකට දාගන්න  පුළුවන් මේකේ PNG සෙට් එක. දෙකම තියෙන්නවා මේකේ. මේක Zip කරලා තියෙන්නේ 7z එකෙන්. මේක ඇරගන්න නම් එක ඕන .වැඩිය නැහැ 30MB තියෙන්නේ.



මේ තියෙන්නේ මේකෙන් පොඩ්ඩක්. කැමති නම් බාගන්න. බාගෙන ඉවර වෙලා කොම්මේන්ටුවක් දාන්න කැමති නම්



මැක්සා Social Icons ටිකක් ඕනද ? වෙබ් ! බ්ලොග් ! හදන අයට සුවිශේෂයි ! 900 Icons | 25MB !


ඔයාල දන්නවනේ ඔය බ්ලොග් වල එහෙම අර ලස්සන Icons දාල තියෙන්නේ. එක උඩ ක්ලික් කලාම අදාල Page එකට යන්න දාල තියෙන්නේ. ඉතින් අන්න එහෙම දාගන්න දැන් දෙන්න යන්නේ මැක්සා හෙවත් සුපිරි PNG / Icon සෙට් එකක්. එක එක විදියේ Icons / PNG Image 900 ක් විතර තියෙන්නවා. කැමති එකක් ඕනෑම බ්ලොග් එකකට හෝ වෙබ් එකකට දාගන්න පුළුවන්.  අනික මේවා සේරම 25MB විතර තියෙන්නේ. මේවා ටික Extract කරගන්න 7z එක පාවිච්චි කරන්න.








Icon Pack 1 : දැන් තියෙන Icon දැකලම එපාවෙලාද ? එහෙනම් මෙන්න මැක්සා Icon සෙට් එකක් ! 900 Icons : 40MB



ගොඩක් කස්ටියට  ඔය කොම් එකට Icon දැන් නම් එච්චරම අල්ලන්නේ නැහැනේ. දැකල දැකල ම එපා වෙලානේ. අන්න ඒ කට්ටියට දෙන්න යන්නේ Icon 900. මේකේ තියෙන සේරම ඔයාලගේ Folder වලට එහෙම දාගන්න පුළුවන්.කිසිම අවුලක් නැහැ. අනික මේවා සේරම Extra Large Icons දක්වා දාගන්න පුළුවන් කිසිම Quality එක අඩු වෙන්නේ නැතුව.




තව එකක් මේක ZIP කරලා තියෙන්නේ 7z එකෙන්. මේවා ටික දිග අරගන්න නම් එක ඕන. එක කොම් එකේ තියේ නම් අවුලක් නැහැ. Download කලා.දැම්මා.මේකේ තව ගොඩක් Icons තියෙන්නවා දෙන්න. ඒ ටික මම හැකි ඉක්මනින්ම දෙන්නම්.මේක ඔයාට වැදගත් වුනානම් කොම්මේන්ටුවක් දාන්න හොඳේ............

නත්තලට මගෙන් නත්තල් ගස් 20 ක් ! කැමති එකක් දාගන්න ! 6MB


දැන් ඉතින් නත්තල් කාලෙත් ලංගයිනේ ! දැන් ඉතින් හැම කෙනාම නත්තල් ගස් හදනවා. එක ඉතින් මොන ආගමේ වුනත් නත්තල් ගස් හදනවා. එකට ජාති බේද ආගම් බේද නැහැනේ. එත් මම නම් බුද්දාගමේ ! එත් ඉතින් අපි කවුරුත් පොඩි කලේ එහෙම හදනවනේ. හරි දැන් එක ගැන වැඩක් නැහැ. දැන් මම දෙන්න යන්නේ නත්තල් ගස් 20 ක්. 20 ක් කිව්වට 20 ක් ම නැහැ 19 යයි තියෙන්නේ. මේ තියෙන්නේ සේරම 



මෙන්න මේ වගේ කැමති එකක් දාගන්න පුළුවන්. ඕන එක උඩ Double Click කරන්න විතරයි තියෙන්නේ. ඕනෑම නම් 19 යම දාගන්න පුළුවන්. එක්කෝ එකක් දාගන්න පුළුවන්. හැබැයි බානකොට නම් 20 ම බාන්න වෙනවා.වැඩිය නැහැ 5.0 MB තියෙන්නේ. අනික මේ ටික ZIP කරලා තමා තියෙන්නේ. Extract කලාම 10MB. තියෙන්නේ.7z එක තියේ නම් වඩාත් හොඳා. මෙන්න එහෙම නම් බාගන්න.අනික මේකත් මම ඔයාල වෙනුවෙන්ම තමා අප්ලෝඩ් කලේ. කැමති නම් Follow පාරක් දැම්මත් කමක් නැහැ. 



කොම් එකට මාලු ටැංකියක් දාමුද ? Dream Aquarium Screen Saver


ඔන්න මාළු වලට ආස අයට මම දෙනවා මාළු ටැංකියක්. මාළුත් එක්කම.මේක Screen Saver එකක්......එහෙම නම බාගෙන දාගන්න තියෙන්නේ.


හැබැයි මාළු කෑම නම් දෙන්න බැහැ. ඔයාලට තමා දෙන්න වෙන්නේ. එහෙම නම් බාගන්නකො.